IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලිමාව සීයට පනහ නොගත් සභා 29ක් අල්ලයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක්  නොමැතිව ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 29ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය මේ වන විට සමත් වී තිබේ.

කොළඹ,රත්නපුර,කුරුණෑගල සහ නුවරඑළිය මහ නගර සභා වල බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව ඇති අතර පුත්තලම ,බණ්ඩාරවෙල, කොළොන්නාව,පෑලියගොඩ,හික්කඩුව 

තලවකැලේ ලිඳුල නගර සභා වල බලයද ජාතික ජන බලවේගයට හිමි විය.

ඌව පරණගම,හල්දුම්මුල්ල, මීගහකිවුල,මැදවච්චිය,කොබෙයිගනේ,මැදදුම්බර,උඩුදුම්බර,මිනිපේ,පඬුවස් නුවර,දඹුල්ල,ගලේවෙල,වැලිකන්ද, කල්පිටිය,වවුනියා දකුණ,හපුතලේ සහ දෙහිඕවිට,හොරොව්පතාන,කන්දකැටි,සොරණාතොට ප්‍රාදේශීය සභා වල බලයද ජාතික ජන බලවේගය විසින් හිමිකර ගත්තේය.

වෙනත් පක්ෂ විසින් බලය පිහිටුවන ලද ආගරපතන, කොටගල සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවල උපසභාපති ධුර ද ජාතික ජන බලවේගය විසින් හිමි කරගෙන තිබේ.



අදහස් (5)

මාලිමාව සීයට පනහ නොගත් සභා 29ක් අල්ලයි

යෝගා Wednesday, 18 June 2025 06:56 PM

නියමයි! දැන් කියන්නකො විපක්ෂ මන්ත්‍රීලා බාගන්න වියදම් කලේ කප්පම් සල්ලිද, කොටි ඩයස්‌පෝරා සල්ලිද නැත්නම් ගජමිතුරු හොර බිස්නස්කාරයන්ගේ සල්ලිද?

:       0       0

ලක්විදු Wednesday, 18 June 2025 07:39 PM

ඡන්ද දායකයන් අතින් වූ අත් වැරැද්ද, මහජන නියෝජිතයන් විසින් නිවැරදි කරමින් තිබේ!

:       0       0

වලේසුදා Wednesday, 18 June 2025 07:40 PM

සල්ලි කුට්ටි කිට්ටු හුවමාරු වුණු හැටි පසුව දැනගන්න ලැබේවි. ලොණ්ඩරි බබාලා කේන්ති නොගන්න.

:       0       0

Kamal Koyrala Thursday, 19 June 2025 12:07 PM

අහෝ... උඩින්ම දිනනවා කියූ පඬුවස්නුවරට කිසිම දයාවක් නැතුව දීලා නේ.

:       0       2

සිල්වා Thursday, 19 June 2025 12:44 PM

රටේ ජනතාවට දැනෙන විදිහට සෙතක් නම් තවම තවම සිද්ධවෙලා නැහැ. ඒත් බල තන්හාව නම් එන්න එන්නම නරක අතට හැරෙන බව පෙනෙනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site