
(නිමල කොඩිතුවක්කු)
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මාලිමා පාලනයේ නව පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාවක් ජනතාව හමුවේ ඉදිරිපත් කළත් එම පොරොන්දු හා ප්‍රතිපත්ති සම්පූර්ණ බොරුවක් වී ජනතාව අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
බඩු මිල ඉහළ ගොස් හාල්, පොල්, කිරිපිටි මෙන්ම ලුණු ටිකවත් ජනතාවට සපයා ගත නොහැකි ආණ්ඩුවක් රටේ ඇති බවත් මූතූර්හි පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.
පුර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි පැවසු ආණ්ඩුව මේ වන විට ඉන්ධන, තාප සහ ගල් අගුරු විදුලි බලාගාර මාෆියාවට යටත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජනතාව රැවටීම, ඇන්දවීම, මංමුලා කිරිම පමණක් මාලිමා රජය බලයට පත්වී සිදු කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය
COMMENTS
පුස්සක් වුණ කට්ටියගේ කතා වැඩක් නොවේ. පුස්සක් වී ඇති කට්ටියගේ වැඩ අනාගතයේ දී ඇඟයීමක් ජනතාව කරනු ඇත. මුදල් හොර නෝට්ටු ගැන ජනතාව අවදියෙන් සිටින්න.
අපේ සීයා කියල තිබෙනවා සත්‍යවාදී නොවන මිනිසුන් ඕනෑම අපරාධයක් කරන්න පුළුවන් නීච පහත පෙළේ මිනිසුන් කියලා.
අපිත් මාස 6 ක් ම බලාගෙනයි උන්නේ? අපිට නම් එහෙම දෙයක් පෙනුනේ නැහැ. බොරු කියලා ජනතාව අන්දවන අය ගැන කවර කතාද?
මේ වගේ පුස් මිනිහෙක් වෙන මොනවා කියන්නද? වෙලාවකට පව් කියලත් හිතෙනවා.
පිස්සෙක්
ඔබ තුමාට ආණ්ඩුවක් දෙන්න මාස හයකින් රටේ ණය ගෙවලා, 2.50 ට හාල් කිලෝවක් දෙන්න පුළුවන් කියලා ප්‍රසිද්ධියේ කියන්න . එතෙක් මෙතෙක් ආණ්ඩු වල ප්‍රතිපත්ති ප්‍රකාශ 100% සම්පූර්ණ කළ ආණ්ඩුවක් කියන්න ප්‍රසිද්ධ වේදිකාවේ
තුන් පාරක් ජනාධිපති කමට ඉල්ලුවා නේද බැරි උනේ, තමුන් කියන කරන දේවල වල හොඳ කමට වෙන්ඩැති?
මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ ජනතාව රවට්ටලා බලයට ඇවිත් කරපු විනාසේ තේරුම් ගත්තු නිසයි මාළිමාවට බලය දුන්නේ? තමුන්ට පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරුව තවත් කවර කතාද.?
කෙටියෙන් කිව්වොත්. මූ පිස්සෙක්. දැන් ඔවා කියලා වැඩක් නැහැ. හැන්ද අල්ලන් ඉන්නෙ අනුර. ජිවිතේට බිමට වැටෙන්නෙ නැහැ. හේතුව. උබලා කරපු අසික්කිත වැඩ කිසිම දෙයක් නොවෙන නිසා. උබලා කෙරුවේ හොරා කනවා බදු මිල වැඩිකරනවා, පන්සල් ගිහින් කරඩුව ඔලුවේ තියා ගන්නවා. ඒ සාපෙ වැදුනේ නිකම්ම බයියෝ විතරයි. මොලයක් තියෙන කිසි කෙනෙක් ඔය ලග ඉන්නවාද .වටවෙලා ඉන්නෙත් නූගත් හොරු
අපොයි ඔව්, මේගොල්ලෝ ඇමතිකම් කරපු ආණ්ඩු දුන්න ඔක්කොම පොරොන්දු ඒ යුරින් ඉටුකරලා, අන්තිමට රටත් බංකොලොත් කරලානේ නැවතුනේ