
(සුජිත් හේවාජුලිගේ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් අද (30) දහවල් ඇතිවිය.
මේ සිද්ධියට මුහුණ දුන්නේ ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරු වෙති.
මන්ත්‍රීවරුන් දෙදෙනා එම ඇඟලුම් කම්හලේ නිලධාරීන් සමග සාකච්ඡා කර පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රීවරුන් රැගත් වාහන දෙක වට කරගත් පිරිස ඒවාටද පහර දී ඇති බව පොලිසිය පවසයි.
ඇඟලුම් කර්මාන්තශාලාවේ නිලධාරීන් කණ්ඩායමක් හමුවී කිසියම් සාකච්ඡාවක් පවත්වා දෙදෙනා පිටත්ව යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී රියදුරන් යයි කියන පිරිසක් දෙදෙනා පැය භාගයකට ආසන්න කාලයක් වට කරගෙන ඔවුන්ට දැඩි ලෙස විරෝධය පළ කරමින් ආවේගශීලී වචන කියමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇතැයි කියති.
මාලිමාවට අපි ඡන්දය දුන්නා ඇයි අපිට මෙහෙම කරන්නෙ යැයි පවසමින් ඔවුන් එසේ බැන වැදී ඇතැයි දැනගන්නට ඇත
මෙම සිද්ධිය සැලවීමෙන් පසු බිංගිරිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් මන්ත්‍රීවරුන් දෙදෙනා ආරක්ෂිතව පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පිරිස කලහකාරීන් මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ටද දෝෂාරෝපණය කර ඇති බව වාර්තාවේ
මන්ත්‍රී විජේසිරි මහතා මේ පිළිබඳව කුලියාපිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස අධිකාරි වරයාට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ගෙන යයි.
සිද්ධිය සම්බන්ධයෙන් අප ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇඟලුම් කම්හලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා පැමිණෙමින් සිටියදී ආවේගීශීලී වුණු පිරිසක් තමාගේ ෂර්ට් කොළරයෙන් ඇද පහර දුන් බවයි.
තමා සමග එහි ගිය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතාටද එම පිරිස හිරිහැර කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංත්‍රීලට ඇගලුම් කම්හලේ මොනවද කරන්න තියෙන්නෙ සාමාන්‍යයෙන් ඇගලුම් කම්හලේ පාලකයන්ට ගැටලුවක් ඇත්නම් ඉහළ බලධාරින්ගේ අවධානයට යොමුකර කටයුතු කරන්න පුලුවන් වේවි ඒත් මෙතෙක් කාලයක් අසන්නට නොලැබුනු දෙයක් කරන්න ගියාම රටටම අපලයක් ඵලදෙනවාද කියල සැකයකුත් ඇතිවෙනවා අන්සතු සැපතක් දැක දල ලොබිනේ උන්ට ...........කියල අපිනම් අහල තියෙනවා කොහොමින් කොහොම හරි ඇගලුම් කම්හල් සියල්ලම ආරක්ෂාවුනොත් නම් හොදයි
ඔය පටන්ගෙන තියෙන්නේ කප්පම් සෙල්ලම. මෙච්චර ජනතා ප්‍රශ්න තියෙද්දී පුද්ගලික කර්මාන්ත ශාලාවක ප්‍රවාහන සේවය තමන්ට ගන්න ගිහිල්ල. දැන් සමහරු කුණු හෝදන්න ගනියි.
නුපුරුදු අය ගියාම ඔහොම තමයි ගුටි කනවා. වසා ගත්තට හැමෝටම බැහැ
ඇගලුම් කම්හලේ ප්‍රවාහන කටයුතු ගැන පැමිණිලි ලැබුණු නිසා වෙනස්කරන්න ගියාලු පුද්ගලික අංශයේ සේවකයින්ගේ පැමිණිළි දේශපාලුවන්ට යාමක් මෙතෙක්කල් තිබුණේ නැහැ මුන්දැල උන්ගේ කාගෙහරි වාහන යෙදීමටත් තියෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කරන්න ඇති කියලා පැහැදිලියිනේ මහින්ද කිව්වෙ රට පෙරට කියල මුං ගෙනයන්නේ රට වලට තමා අවුරුදු 76 කෑවා කියපු මුන්ගෙ අවුරුදු පහ අවසානෙ මොනවා වෙයිද හිතාගන්න බැහැ
මේවට කියන්නෙ දිට්ටදම්මවේදනීය කර්මය කියල.ඒක හරි ඉක්මනින්ම මාලිමාවට ප්‍රතිචාර දක්වනවා..ඊයෙ දවස තුලම ප්‍රදේශ දෙකකදී මාලිමාවේ මන්ත්‍ර්වරුන්ට ජනතා විරෝධය දක්වනවා ටීවී එකේ දැක්කා. මිනිස්සු රට පුරා බනිනවා ආණ්ඩුවට.හාල් හිඟය රටපුරාම.එලවලු මාලු,පොල් ගිනි ගනන්.බිත්තරය පෙරේදා 28යි.ඊයේ 34යි.රටේ ආණ්ඩුවක් නෑ වගේ
ඕන නැති වැඩ කරන්න ගිහින් ඉල්ලන් කෑම
මහජන මුදලින් පඩි ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පුද්ගලික ආයතනවල ප්‍රවාහන ප්‍රශ්ණ විසදීම සඳහා පත් කර යැවූ ඔබ සැමට ජය වේවා
මෙයාලා ගිහින් තියෙන්නේ දැනට කම්හලට ගෑණු ළමයි ප්‍රවාහනය කරන වාහන ගන්නෙ නැතුව මෙයාලගේ වාහන වලින් විතරක් ප්‍රවාහනය කරන්න කියල කියන්න. ඒ වෑන් වල මිනිස්සු ඒක කලින්ම දැනගෙන වට කරලා. වෙන උන් වුණා නම් කලිසම ඔලුවෙන් ගලවල එවන්නේ. මාලිමා මන්ත්‍රිලා කොම්පැනි වලින් කප්පම් ගන්න වැඩේ පටන් අරන් තියෙන්නෙ.
මාලිමාවෙ ඔක්කොම බොරු කියලා මාට්ටු. තව සෙට් එකක් හොර උපාධි අරන් මාට්ටු. තව සෙට් එකක් කොටු පැනලා මාට්ටු. තව දෙන්නෙක් කප්පම් ගන්න ගිහින් මාට්ටු. ඔන්න ඔහොමයි මාලිමාව පාර්ලිමේන්තුව සුද්ධ කරලා කක්ක ගොඩවල් වලින් ඒක පිරෙව්වේ.
ජනාධිපතිතුමා මේ ගැන සොයා බැලිය යුතුයි. මොකක්ද මේ දේශපාලකයන්ට මේ පෞද්ගලික ඇඟලුම් කම්හලේ තියෙන බිස්නස් එක. යම් පෞද්ගලික කාරණයක් තිබිය යුතුය.