IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මාලදිවයිනෙන් ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්

(අංජුල මහික වීරරත්න)

 ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

බහාලුම් 14ක අසුරන ලද මෙම ටූනා ටින් මාළු තොගය අද (05) පස්වරුවේ මාලදිවයිනේ මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත බාර දුන් අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම, බටහිර නාවික ප්‍රදේශයේ නියෝජ්‍ය ප්‍රාදේශීය අණදෙන නිලධාරී කොමදෝරු අරුණ විජේවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.

ආපදාවෙන් විපතට  පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම ඇතුළු සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් මාලදිවයින් රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර මෙම ආහාර ද්‍රව්‍ය කඩිනමින් ආපදාවට ලක් වු ප්‍රදේශවල ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන බව නිලධාරීහු මෙහිදී පැවසූහ.



අදහස් (0)

මාලදිවයිනෙන් ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site