
(අංජුල මහික වීරරත්න)
මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේදී පැවසීය.
ආයෝජකයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රණය සකසමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව පැවසූයේ මාලේ නුවර පැවැති නිල පිළිගැනීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
දෙපාර්ශ්වයටම පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට එහිදී ජනාධිපති අනුර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාට ආරාධනාවක්ද කළේය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා, සුහද හවුල්කාරිත්වය, සමීප මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව සංකේතවත් කරන මාගේ පළමු මාලදිවයින් රාජ්‍ය සංචාරයේදී මාලේ නුවර වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම සතුටක්. මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්‍යෝගයක් සහ ශක්තියක් එක් කරන බව මා විශ්වාස කරනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපල්ලකෝ යන තේජස විතරක්. අපේ ජනාධිපති කියන්න ලැබීමත් අපිට ආඩම්බරයක්.
කරවල, හාල්මැස්සෝ, උම්බලකඩ තමයි මාලදිවයිනෙන් එන ආයෝජන
මුලු ලොකයෙන්ම ජනාධිපති අනුර කුමාර මහතාට ආරාධනා ලැබෙන එක කාටවත් වලක්වන්න බෑ. මොනවා හරි දොසක් හොයන මෝඩයින්ට නම් ඒතුමාගෙ ටයි එක හොඳ මාතෘකාවක් වෙයි.
අනේ අනිච්චන්. මහ මුහුඳ හැර වෙනත් කිසිම ස්වාභාවික සම්පතක් නැති මාලදිවයින වැනි පුංචි රටකිනුත් උදව් ඉල්ලන්න සිද්ධ උනා එහෙනං. ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයක් හදා ගන්න අපි අවුරුදු ගානක් තටමනවා. ඒගොල්ලෝ මුහුද ගොඩකරලා හදාගත්තු ගුවන් තොටුපලේ දෙවෙනි පර්යන්තය ඊයේ පෙරේදා විවුර්තකරන්නේ ගිනිස් වාර්තාවක් හැටියට ස්ථිර කරපු, ඔයවගේ දේවල් වලට කප් ගහපු චීනය, ජපානය සහ එක්සත් අරාබිය වගේ රටවල් පරාජයකරමින් ලෝකයේ ලොකුම ගිනිකෙළි සංදර්ශනයකුත් එක්කයි.