
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ චලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෝටාර් උණ්ඩ රැසක් සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව එහ සෙබලුන් පිරිසක් විසින් චලෙයි කැලෑ ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී වලදමා තිබූ අදාල මොටාර් බෝම්බ තොගය හමු වී ඇත.
එහිදී මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 14, මිලිමීටර් 81 මෝටාර් උණ්ඩ 01 සහ මිලිමීටර් 81 මෝටාර් ෆියුස් 01 ක් වශයෙන් සොයාගෙන ඇත .
සොයාගත් මෝටාර් බෝම්බ තොගය පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දී මුලතිව් අධිකරණ නියෝගයක් ලබාගෙන නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd