
(අංජුල මහික වීරරත්න)
මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.
“ඩුබායි සුද්දා” නැමැත්තකු ඔහුගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ පළකරමින් මෙම ජාවාරම සිදුකර ගෙන යනු ලබන අතර, ඔහුට මුදල් ලබාදී මෙම වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව කාර්යාංශය කියයි.
ඒ අනුව ඔහුට එරෙහිව මේ වන විට කාර්යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර, තවදුරටත් මෙම වංචාවට හසුවූ පුද්ගලයින් වෙතොත් හැකි ඉක්මණින් පැමිණිලි කරන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.
1985 අංක 21 දරණ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා බඳවාගැනීම, ප්‍රචාරය සිදුකිරීම, මුදල් එකතු කිරීම, තොරතුරු රැස් කිරීම, ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර, බලපත්‍රයකින් තොරව එවැනි කටයුතු කිරිම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය සඳහන් කරයි. මෙවැනි මිනිස් වෙළෙඳාම්කරුවන් මැඩලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ඒකකයක්ද කාර්යාංශයේ ස්ථාපිත කර ඇති අතර එම ඒකකයට මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූරයට යටින් headline එක දාන ක්‍රමය හොදයි...