(නිමල කොඩිතුවක්කු)
22 වන සංශෝධනය සමග මොළ හතාගේ එක දතක් ගැලවූ බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජනබලයෙන් ඉවත් කරන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා සංවිධානය කළ මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පවතින අර්බුධකාරී තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මිනිසුන් ඉල්ලා සිටින්නේ සිස්ටම් එකේ වෙනසක් බවත්, නව ක්‍රමය යටතේ ආර්ථික සමාජ සාධාරණත්වය, මානුෂීයත්වය පෙරදැරි කර ගත් වැඩපිළිවෙළක් අවැසි බවත් විපක්ෂ නායක වරයා කීවේය.
රටේ දේශපාලනඥයන්ගේ දරුවන් සෑම අවස්ථාවකම බාර ගත්තේ දෙමාපියන්ගේ ආසන බවත් එහි දී මැදකොළඹ ආසනය සුවිශේෂ වුවත් තමාගේ දේශපාලන ගමනේ දී දුෂ්කර පළාතකට ගොස් ස්වෝත්සාහයෙන්ම තමාගේ දේශපාලන ගමන ආරම්භ කළ බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
වර්තමානයේ රට පත්ව ඇති ඛේදජනක ඉරණමට හේතුව රාජපක්ෂවරු ජාති, ආගම්, කුල-මල, පන්ති භේද ඇතිකර රට කෑලි කෑලිවලට කඩා ජාතීන් ආගම් අතර වෛරය ඇති කිරිම බවත් ඔහු කීවේය.
ඔවුන්ට අවැසි වූයේ තමන්ගේ පවුල රජ කරවීමට බවත් ඒ තුළ ඒකාධිපතීත්වය, මුරන්ඩුකම ගැබ්ව තිබූ බවත් ඒ හේතුවෙන් ලක්ෂ 22-0ක ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වඳ කොත්තු, වඳ සැත්කම්වලින් ආරම්භ වී ආදාහනය භූමදානය දක්වා ජාති ආගම් භේදය ක්‍රියාත්මක කළ බවත් අද ජාතිවාදයට ආගම්වාදයට විවිධ පාර්ශ්වය කෑ ගැහුවත් එදා සමගි ජන බලවේගය හැර අනික් සියල්ලක්ම ඊට එරෙහි නොවූ බවද ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මොළ හතෙකුගේ දතක් ගලවලා අනික් මොල හතාට දත් සැට් එකක්ම දැම්මා නේද?
මෙයා හිතන්නේ දැනටමත් ජනාධිපති මමයි කියල . පවු මොල 7 ගියාට ඔයාල ගෙන්වා ගන්න අදහසක් නැහැ හොඳ ද.
බදුර්දීන් ගස් කපනකොට පුතානෝ නෝ කතා නෝ සිනා.
රාජපක්ෂ බලය ඔයා ඉවත් කරන්න මහන්සි වෙන්න එපා දැනටමත් රටේ ජනතාව විසින් ඒ දෙය කරලා හමාරයි , එහෙමයි කියලා ඔබ තුමා බලාපොරොත්තු තියාගන්නවා එහෙම නෙවේ
මෙයාට වැටෙන්න තියෙන කුණු වෙච්ච දතක්වත් ගලවන්න හැකියාවක් තියෙනවද? එච්චර දෙයක් පුළුවන් නම් පොහොට්ටුවෝ මෙහෙම නටයිද?
ඔයා දත් 7232 ඔය විදිහට ගැලෙව්වත් රටට සෙතක් නෑ. වගකිවයුතු විපක්ෂයක් හැටියට... සාමූහිකව එක්වුණොත් නේද හොඳ...?
එක දතක්වත් නැති කෙනෙක් පාරම් බාන හැටි...