
(රංජන් කස්තුරි)
ඩොලර් රටින් පිටවීම වැළැක්වීමේ අරමුණින් සහ දේශීය ක ර් මා න්ත ආරක්ෂා කිරීමේ අරමුණින් මෙරටට ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදී මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් මාළු ටින් ලක්ෂ 45 කට අධික ප්‍රමාණක් රට තුළට ගෙනවිත් ඇතැයි දේශීය ටින් මාලු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන පනහක් පමණ වන බවද ප්‍රනාන්දු මහතා කීවේය.
ටින් මාළු රටින් ගෙන්වීම තහනම් කර තිබියදී මෙතරම් විශාල ප්‍රමාණයක් රේගුව හරහා මෙරටට ගෙන්වා ඇත්තෙක් කෙසේදැයි පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ඩොලර් මිලියන දෙකක ටින් මාළු ගෙන විත් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ශ්‍රී ලංකාවේ ටින් මාලුවල ගුණාත්මකභාවය ඉතාම අඩුයි. මේ ගැන නිෂ්පාදකයන් කවදාවත් කතා කරන්නේ නෑ. ගුණාත්මකභාවය ඉහළ නම් සියලු දෙනා ලාංකික නිෂ්පාදන මිලදී ගන්නවා.
තහනම් බඩු රේගුවෙන්ම මෙහෙම ගෙනාවා නම් අනෙකුත් තහනම් බඩු ගැනත් ඔය ටිකම තමා... අහිංසක මිනිසුන් ට තමා සේරම නීති . බදු ගැහිලි වගෙම තමා..
රටේ මිනිසුන්ට අඩු මිලට ප්‍රෝටීන් සහිත ආහරයක් ගන්න තියෙද්දි. දේශීය නිෂ්පාදකයගෙන් වැඩි මිලට ගන්න අපේ රටේ මිනිසුන්ට සල්ලි තියනවද. දේශීයව අපි නිෂ්පාදනය කරන්න ඕනේ අඩු පිරිවැයකින් වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙන්වන්න පුලුවන් දේවල් මිස වැඩි පිරිවැයකින් නිශ්පාදනය කරලා දෙශීයව විකුණන දේවල් නෙවේ.
ආනයනය කළ කුණු ලින්නෝ ටින් කරලා වැඩි මිලට විකිණීම කොහොමද දේශීය නිෂ්පාදන වෙන්නේ.
ලංකාවේ නිෂ්පාදනය කරලා රටින් ගෙන්නන ඒවාට වඩා අඩුමිලට හොඳ ප්‍රමිතියෙන් ලබාදෙන්න පුළුවන් නම් හොරෙන් රටින් ගෙන්නවන එකක් නැහැ...