IMG-LOGO

මාල කඩා පනින්න බැරි වේ

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයයූරය)

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණි  වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකුගේ ගෙල බැඳි  රන් මාල දෙකක්, කොල්ල කෑ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ් පොලිසිය පවසයි,

මෙලෙස රන් මාල කොල්ලකා ඇත්තේ  යාපනය පදිංචි කාන්තාවකගේ සහ තමිල්නාඩුවේ කාන්තාවකගෙ බව පොලීසිය සඳහන් කරයි.

මෙම කාන්තාවන් දෙදෙනා ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය භූමියේ රැඳී සිටිමින් වන්දනාමාන කරමින් සිටියදී සැකකරු වූ මෙම රන්මාල කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු පෙරෙදා අලුයම (65) හැවිරිදි ඉන්දියානු ජාතික කාන්තාවකගේ කාන්තාවකගේ පිටුපසින් පැමිණ ඇගේ රන් මාලය කඩාගෙන ගොස් ඇති අතර එහි වටිනාකම මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරු යළිත් පෙරවරු 9.00 ට පමණ යාපනය ගුරු නගර ප්‍රදේශයේ පදිංචි (63) එවැනි කාන්තාවක් අසලට ගොස් ඇගේ  රන් මාලය කඩාගෙන පලා යන අතරේ එම ස්ථානයේ රාජකාරියේ නිරත නාවික හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

මාල කඩා පනින්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site