(අංජුල මහික වීරරත්න)
කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර හෙට සිට (28) අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහල යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළේය.
එහිදී බිත්තරයක් රුපියල් 55ක් වශයෙන් අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟත්වය පළ කළේය.
ඒ අනුව හෙට (28) කොළඹ නගරය අවට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ 20ක් යෙදවීමට එම සංගම් පියවර ගෙන තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොළඹ දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනී සංස්ථාව අසල මංසන්ධිය සහ හෝමාගම දී මෙම බිත්තර අලෙවි කෙරේ.
එමෙන්ම වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර ප්‍රශ්නෙට හරකෙක්ගෙන් උත්තරයක්... රටේ බත්කන හරක් ටිකටත් මේ වගේ ගොන් ආතල් තමයි හරියන්නේ...
මොරටුවේ ඉන්න ජනතාවට බිත්තර දහයක් ගන්න දෙහිවලට යන්න වෙනවා. මේ ගොල්ලො රට ආර්ථිකව සූබිත මුදිත කරන හැටි හිතා ගන්න පුළුවන්.
රටටම අවශ්‍ය බිත්තර තැන් විස්සකදී බෙදා හැරිය හැකිද.?
බිත්තරේට යන්න පුළුවන් තරම් ඉහළ මිලකට යන්න දෙන්න. එතකොට මිල වැඩිනිසා මිනිස්සු නොගෙන ඉඳියි. වෙළඳාම අඩුවෙන කොට නිකන්ම මිල බහියි. බිත්තර කෑවේ නැහැ කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ. මන්දපෝෂණය හැදෙන්නෙත් නැහැ. එහෙම නම් දැන් අවුරුදු 20ක් තිස්සේ බිත්තර, මස්, මාලු, කරවල නොකන මටත් මන්දපෝෂණය හැදෙන්න ඕනෑ. එහෙම එකක් නම් තාම නැහැ... ඒත් ඔය මස්, මාලු, බිත්තර කන මිනිස්සුන්ට තියෙන රෝගවලින් එකක්වත් මට නැහැ...