(අංජුල මහික වීරරත්න)
කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර හෙට සිට (28) අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහල යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළේය.
එහිදී බිත්තරයක් රුපියල් 55ක් වශයෙන් අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟත්වය පළ කළේය.
ඒ අනුව හෙට (28) කොළඹ නගරය අවට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ 20ක් යෙදවීමට එම සංගම් පියවර ගෙන තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොළඹ දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනී සංස්ථාව අසල මංසන්ධිය සහ හෝමාගම දී මෙම බිත්තර අලෙවි කෙරේ.
එමෙන්ම වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිල අඩු බිත්තර හෙට සිට තැන් විස්සකදී
අතීසාරෙට අමුඩවීර Tuesday, 27 December 2022 07:15 PM
බිත්තර ප්‍රශ්නෙට හරකෙක්ගෙන් උත්තරයක්... රටේ බත්කන හරක් ටිකටත් මේ වගේ ගොන් ආතල් තමයි හරියන්නේ...
සඳුන් Tuesday, 27 December 2022 08:53 PM
මොරටුවේ ඉන්න ජනතාවට බිත්තර දහයක් ගන්න දෙහිවලට යන්න වෙනවා. මේ ගොල්ලො රට ආර්ථිකව සූබිත මුදිත කරන හැටි හිතා ගන්න පුළුවන්.
Sunil Wednesday, 28 December 2022 08:11 AM
රටටම අවශ්‍ය බිත්තර තැන් විස්සකදී බෙදා හැරිය හැකිද.?
මංගල Wednesday, 28 December 2022 12:54 PM
බිත්තරේට යන්න පුළුවන් තරම් ඉහළ මිලකට යන්න දෙන්න. එතකොට මිල වැඩිනිසා මිනිස්සු නොගෙන ඉඳියි. වෙළඳාම අඩුවෙන කොට නිකන්ම මිල බහියි. බිත්තර කෑවේ නැහැ කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ. මන්දපෝෂණය හැදෙන්නෙත් නැහැ. එහෙම නම් දැන් අවුරුදු 20ක් තිස්සේ බිත්තර, මස්, මාලු, කරවල නොකන මටත් මන්දපෝෂණය හැදෙන්න ඕනෑ. එහෙම එකක් නම් තාම නැහැ... ඒත් ඔය මස්, මාලු, බිත්තර කන මිනිස්සුන්ට තියෙන රෝගවලින් එකක්වත් මට නැහැ...