
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ මහේෂ් මලවරආරච්චී)
රැකියාව සදහා මුහුදු ගිය “ඉදුරංගී 01” බහුදින යාත්‍රාව ධීවරයන් පස් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් වැලිගම මූලස්ථාන පොලීසිය වෙත පැමීණිලි කර ඇත.
මිරිස්ස ධීවර වරායෙන් නොවැම්බර් 21 වැනි දින මෙම යාත්‍රාව මුහුදු ගොස් තිබේ. එසේ අතුරුදන් වී ඇත්තේ ඩි.ජේ පියුමාල් (ස්කිපර්), අමල් සුරංග, ආර් සුසන්ත, බී එල් රුමේෂ්, දිලාන් දර්ශන නමි මිරිස්ස ප්‍රදේශයේම පදිංචි ධීවරයන් පස් දෙනෙකි.
ඔවුන් අවසන් වරට ඉකුත් 06 වැනි දින ගොඩබිම සමග සැටලයිට් ඔස්සේ සම්බන්ධ වී තිබෙන අතර ඉන් පසුව සිට මේ දක්වා කිසිදු තොරතුරක් දැන ගන්නට ලැබී නොමැති බව එම පවුල්වල ඥාතීහු පවසති.
ඔවුන් ඒ පිළිබඳව වැලිගම මූලස්ථාන මූලස්ථාන පොලීසියට අමතරව නාවික හමුදාව සහ ධිවර අමාත්‍යංශය වෙත ද දැනුම් දී ඇත. එහෙත් තවමත් නිල තොරතුරක් ලැබී නොමැත.
එබැවින් මහ මුහුද මැදදී අනතුරකට ලක්ව ඇත්දැයි සැක කරන මෙම ධීවරයන් පස් දෙනාගේ ජීවිත කඩිනමින් බේරා දෙන ලෙසට එම ඥාතීහු රජයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටවල් (Western Countries) තම ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීමට සහ ඒවායේ පිහිටීම නිවැරදිව දැන ගැනීමට ඉතා දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරයි. මේ පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ: 1. යාත්‍රා නිරීක්ෂණ පද්ධති (Vessel Monitoring Systems - VMS) මෙය බටහිර රටවල ධීවර යාත්‍රා සොයා ගැනීමට භාවිතා කරන ප්‍රධානතම ක්‍රමයයි. චන්ද්‍රිකා තාක්ෂණය: යාත්‍රාවේ සවි කර ඇති විශේෂ උපකරණයක් (Transponder) මගින් සෑම නියමිත වේලාවකටම වරක් එහි පිහිටීම (Location), වේගය සහ ගමන් කරන දිශාව චන්ද්‍රිකා හරහා වෙරළාරක්ෂක මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ. නීති විරෝධී කටයුතු වැළැක්වීම: යාත්‍රාව තහනම් මුහුදු සීමාවකට හෝ වෙනත් රටක සීමාවකට ඇතුළු වූ සැණින් බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබේ. 2. ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (Automatic Identification System - AIS) මෙමගින් යාත්‍රාව අවට ඇති අනෙකුත් නැව් සහ වෙරළේ ඇති මධ්‍යස්ථාන සමඟ තොරතුරු හුවමාරු කර ගනී. අපිට මේවා කරන්න බැරි මොකද ? ධීවරයෝ ඔවුන්ගේ හොර ( කුඩු ) වැඩ නිසා මේවගේ දේවල් වලට අකමැතිද ? රජයට උවමනාවක් නැතිද ?
මෙන්න මේ තමා වැඩ කරන ජනතාව අතරින් වීරත්වයට ඔසවා තැබීමට සුදුසු ශ්‍රේෂ්ඨ පුරවැසියන්! පහසුවෙන් ජීවත්වු වෙන අප මොවුන්ට සදා ණය ගැතියි!