
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ දුනගහ විජයසිරි)
නිවසේ හුදෙකලාව දිවි ගෙවූ තිදරු පියකුට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දැම්මේ යැයි කියන කතුන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි.
සැකකාරියන් සහ සැකකරුවන් අසල්වැසි නිවෙසට පදිංචියට ආ පිරිසක් බව ද පොලිසිය පවසයි.
දුනගහ නැගෙනහිර පල්ලියපිටියේ පදිංචිව සිටි කේ. වින්සන් නැමැති 68 හැවිරිදි පෙදරේරුවෙකි
බිරිඳ මිය යාමෙන් පසුව හුදකලාව කල් ගත කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ
අසල්වැසි නිවසක පදිංචියට ආ පිරිසකගෙන් තමන්ට කරදරයක් බව පැවසීමේ හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම පිරිස 29 අලූයම නිවසට කඩාවැදී මෙම පුද්ගලයාට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත
පුද්ගලයා මරා දැමීමෙන් පසු කුස්සියේ තිබූ මිරිස් කුඩුවලින් සිරුර වැසෙන්නට අතුරා දමා ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් පසු සැකකරුවන්ගේ නිවෙසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාවේ නෙවෙයි, පාකිස්තානයේ වෙන්න ඇති.
අපොයි දෙවියනේ..! මිනිස්සුන්ගේ මිනිසත්කම්වලට මොකද මේ වුනේ..?
අද පොලිසියක් තිබුණාට, බොහෝවිට පොලිසිය පැමිණෙන විට අපරාධ සිදුවී හමාරයි. මිනිසුන්ගේ ආත්මාරක්ෂාව සඳහා ගිනිඅවි ළඟ තබා ගැනීමට අවසර දිය යුතුයි. කෙනෙකුගේ ආත්මාරක්ෂාව මූලික මිනිස් අයිතිවාසිකමක්...
මිරිස්කුඩු දැම්මේ ඇයි දන්නේ නැහැ. පොලිස් සුනඛයින් නොමග යවන්නද?
මුදල් පසුපසම හඹා යන පරිසරයක මනුස්සකම දවසින් දවසම පිරිහෙනවා. අයියෝ රටකට ගිය කලක්...!