
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාරවිල රෝහලේදී මිය යන මිනිසුන් දෙවරක් මිය යන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රෝහලේ දේහයන් කපන ආයුධ කට්ටලය පැරණි වීම ඊට හේතුව බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"මාරවිල රෝහලේ මෝචරිය ගිලා බැහැලා.වැඩ කරන්නේ මෝචරියේ එක අධි ශීතකරණයයි. ඒ නිසා දේහයන් නරක් වෙන තත්ත්වය වැඩිවෙලා. අවට රෝහල් වලට දේහයන් යවන්න සිදු වෙලා.දේහයන් කැපීමට භාවිත කරන ආයුධ කට්ටලය පරණ වෙලා.මේවා අවුරුදු හයකට වඩා පරණයි.මේ නිසා මිනිස්සු දෙපාරක් මැරෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙක්ටර් අප්පුහාමි මහතා මාරම බුද්ධිමතෙක්. හැකි ඉක්මනින් ඒ මහතාගේ යෝජනාව පලගැන්වෙනු ඇතැයි මා සිතමි. ඒ මහතාට තිසරණ සරණයි!
අවුරුදු පහක් යනකම් අපිට ඕක මතක නැතුව තිබුණේ.
උබලා හැදුව රට තමයි ඒ ලැජ්ජාවක් නැතිව තව කියවන්නත් එනවා....
තමුසෙලා ඉන්න කාලෙ කරපු වැඩවල ප්‍රතිඵල තමයි. දැන් බොරුවට කියවන්න එපා. හොරකාපු සල්ලි දාලා ඒවා අරන් දෙනවා.
හිටපු සෞඛ්‍ය ඇමතියා හිටපු කාලේ බාල බෙහෙත් බීලා මැරුණා.සමහරුන්ගේ ඇස් අන්ද උනා.අප්පුහාමිට මතක නැතුවයි ?