
( සුමිත් ප්‍රේමතිලක )
වඳවෙමින් යන සත්වයකු වන මෝරුන් මරා ගොඩබිමට රැගෙන එමින් සිටී ධීවරයින් පස්දෙනෙක් අද (05) අත්අඩංගුවට ගත්බව බේරුවල වෙරළ ආරක්ෂක බළකාය කියයි.
ඉකුත් ඔක්තෝම්බර් 31 දා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් සිටි කිලෝ 145 ක් බරැති තහනම් මෝරුන් පස් දෙනෙකු සොයාගෙන, සැකකරුවන් අත්අඩංගුවට ගෙන බෝට්ටුවද පොලිස් භාරයට ගෙන තිබේ .
කසා මෝරුන් දෙදෙනෙකු සහ පොල්කොල මෝරුන් තිදෙනකු මෙහිදී සොයාගත් බව පැවසේ.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල , බුබ්බුල වත්ත ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පස් දෙනෙකි .
කොළඹ ධීවර පරීක්ෂක මූලස්ථානයෙන් පැමිණි නිලධාරීන් පිරිසක් බේරුවල බෝට්ටු අංගනය පරීක්ෂණ පවත්වමින් සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් මරන රටේ හරක් මරන අයට නැති නීති මහමුහුදේ නැව් ගිනි අරගෙන මුහුදු ජීවීන් විනාශ කරපු අයට නැති නීති අහිංසක ධීවරයින්ට විතරක් ක්‍රියාත්මක වන අරුම පුදුම රටක් මේක...
වාරකන් කාලෙට මේ මෝරු මැරිලා වෙරළට එන්නේ එහෙම නැද්ද? නොදන්න කමට අහන්නේ.. කැස්බෑවෝ හාරදාස් ගණනක් මැරුණා ගිනිගත්ත නැව නිසා. ඒකට අවුලක් නැහැ. මේ ධීවරයෝ තමයි අහස, පොළව උහුලගන්න බැරි අපරාධයක් කරලා තියෙන්නේ. මුහුදේ ඉන්න මසුන් වර්ග වඳවීමේ තර්ජනයක් තියෙනවා නම් ඒකට වැඩියෙන්ම බලපාන්නේ කාලගුණ විපර්යාස සහ මුහුදේ සිදුකරන නොමිනිස් ක්‍රියාකාරකම්, නැව් ගිනිගන්න ඒවා, තෙල් කාන්දු වෙන ඒවා, මිසයිල සහ න්‍යෂ්ඨික පිපිරවීම් වගේ දේවල්... ඒවාට මුකුත් කියන්නේ නැහැ. දැක්කත් නැහැ වගේ ඉන්නවා. මේ අසරණ මිනිස්සු හිතාමතා මේ මසුන් වර්ග අල්ලන්න ගියේ නැහැනේ. මාධ්‍ය සංදර්ශන.. නියමයි..!