(ඩබ්. ඒ. පියතිලක)
ඉතා දුර්ලභ වර්ගයේ මත්සයකු වන ආදෙකු හිඟුරක්ගොඩ ප්රදේශයේ වැව් මාළු අලෙවි කරන ස්ථානයක අලෙවිය සඳහා තබා ඇති බව එහි වෙළෙන්දෙක් පැවසීය.
මෙම ආදා දිගින් අඩි හතරක් පමණ වන අතර කිලෝ හයක් පමණ බරය. මෙම වර්ගයේ මාළු කිලෝ එකක් රුපියල් 400ක් වැනි මිලකට අලෙවි කරන බව එම වෙළෙන්දා පැවැසීය.
ආදා දැක බලාගැනීම සඳහා බොහෝ පිරිසක් එම වෙළඳසැල වෙත පැමිණ සිටියහ.
පවතින අධික වර්ෂාවත් සමග වැව් අමුණු වාන් දැමීම හේතුවෙන් මෙවැනි මත්සයින් ජලය මතුපිට තලයට පැමිණ මිරිදිය ධීවරයන්ට හසුවී ඇතැයි එම වෙළෙන්දා කීය.
වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ආදා වැනි ආරක්ෂා කරගැනීම සඳහා සිටින නිලධාරීන් ද ආදන් මෙන් ලිස්සා නොයා, ක්රියා මාර්ග ගත යුතු බව ජනතාව පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ඕනෑම කුඹුරු ආශ්රිත ජල මාර්ගයකින් මෙවැනි සතුන් හොයා ගත හැක. හැබැයි වැඩිපුරම ඉන්නේ පැති බැමි මඩයට හෝ ගුහාවල්, ගල් දෙබොක්කාවන් ඇතුලේ සැඟවී. දැනට භාවිතාවන අධික රසායන භාවිතය නිසා වඳවීමේ තර්ජනයට ලක්විය හැකිය. පහුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් වාන් ජලය සමග වාර්මාර්ගවලට එකතුවෙන්න ඇති.
හැම ආඳන්ම කාලෙක කරදිය සත්තු, කාලෙක මිරිදිය සත්තු, ආඳන් පොඩි කාලයේ ගත කරන්නේ මුහුදේ..! උන් වැඩිහිටි වෙලා ගත කරන්නේ මිරිදියේ, පූර්ණ වැඩිහිටි සතෙක් වෙන්න ඉතා දිග කාලයක් යනවා. එහෙම වැඩිහිටි සත්තු ආයේ බිත්තර දාන්න මුහුදට යනවා. එ්ත් ඒ ජීවන චක්රයට බාධා එල්ලවෙලා තියෙන්නේ මිනිස්සු ජලය ගලායන මාර්ග අවහිර කරලා තියෙන නිසයි. මේ නිසා ඉස්සර තරම් ආඳන් දකින්න නැහැ. කාලෙක මුන් සම්පූර්ණයෙන්ම වඳවී යාවි.
අද ඉන්නේ ආඳා මාලු ඉරටෙන් කන උදවියයි.
ඉස්සර අපේ වෙල්වල ආදෝ ඕනෙතරම් හිටිය. Walter, කියන විදියට මුහුදේ ඉඳන් ගොඩ බිමට එන්න නම් පුළුවන්කමක් අපේ වෙල් යායේ හැටියට නැහැ. හැබැයි කෘමි නාශක වලට පින් සිදු වෙන්න දැනට අවුරුදු ගණනකින් දැක්කේ නැහැ.