(රොමේෂ් මධූෂංඛ)
මන්නාරම ඓතිහාසික මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය පූර්ණ ආරක්ෂාවක් හමුවේ අද (15) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ විය.
මන්නාරම් රදගුරු ෆිඩෙලිස් ලයනල් එමානුවේල් ප්‍රනාන්දු හා මරඳමඩු දේවස්ථානයේ රදගුරු එස්.ජේ.පී. සුසෙයි පියතුමන් ඇතුළු අනුරාධපුර, බදුල්ල හා කුරුණෑගල යන ප්‍රදේශයන් හී රදගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
මඩු මංගල්‍ය දිවයිනේ නන් දෙසින් මෙන්ම විදෙස් සිට ද විශාල කිතුණු බැතිමතුන් පිරිසක් වාර්ෂිකව සහභාගී වන අතරම අද පැවත්වෙන වාර්ෂික මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් පූර්ණ ආරක්ෂාවක් සපයා ඇත.
අවසන් දේව මෙහෙය උදෑසන 6.15ට ඇරඹෙන අතර දේව මෙහෙයෙන් පසු ඓතිහාසික මඩු මාතා පිළිරුව මඩු භූමියේ බැතිමතුනට වන්දනාමාන සිදු කිරීම සඳහා වීදි සංචාරය කරනු ලැබේ.
අද (15) උදෑසන අවසන් දේව මෙහෙය පැවත්වීමට පෙර ඊයේ (14) මැදියම් රැයේ ද විශේෂ දේව මෙහෙයක් සිදු කෙරෙයි.
වාර්ෂික මඩු වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සැපයීම මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හා මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග පොලීසිය හා ත්‍රිවිධ හමුදාව දායකත්වය ලබා දෙයි.






2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරදමඩු දේව මෙහෙය උත්සවාකාරයෙන් ඇරඹෙයි