(අංජුල මහික වීරරත්න මොනරාගල සිට)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් විරුද්ධ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොනරාගලදී අද(30) පැවැසීය.
පාර්ලිමේන්තුවේදී ප්‍රධාන කණ්ඩායම් හතරම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට විරුද්ධ බව කී අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර ජනපතිවරයා සමඟත් සාකච්ඡා කරන බවද සඳහන් කළේය.
මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ එක්සත් ජාතීන්ගේ යෝජනාවට 2016 වසරේදී කැබිනට් මණ්ඩලය අත්සන් කළ බව කී අග්‍රාමාත්‍යවරයා අනතුරුව තමා අගමැති ධුරයෙන් ඉවත් කර සිටි සමයේ එනම් 2018 දෙසැම්බර් 17, මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ මහින්ද රාජපක්ෂ අගමැති ප්රමුඛ රජය ඉහත යෝජනාවට අත්සන් කළ බවද පැවසීය.
මොනරාගල මරිඅරාව පැවැති ජන රැළියකදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
“මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරීමට සූදානම්වීම අලුත්ම ප්රශ්නයයි. ජේ.ආර්. ජයවර්ධන ජනපති වූ විට කිසිම ජීවිතයක් නැතිකිරීමට තමන් සූදානම් නැති බැවින් මරණ දණ්ඩනය සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් නොකරන බව ප්‍රකාශ කළා. එවිට සමහරුන් එතුමාට දොස් කිව්වා. නමුත් එතුමාගේ තීරණය ක්‍රියාත්මක වුණා.
ආර්. ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග ජනාධිපතිවරුන් ද ජේ.ආර්. ජනපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක කළා. ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත්වුණා. එතුමියගේ පියා ඝාතනයට ලක්ව සිටියා. නමුත් එතුමියත් කළේ කුමක්ද? එතුමිය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කළා. ඊළගට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආවා. එතුමත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කළේ නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත්වුණා. එහිදීත් මුල් ප්රතිපත්තියම ක්‍රියාත්මක වුණා. දැන් මරණ දඬුවම යළිත් ක්‍රියාත්මතක කරන්න යෝජනා කර තිබෙනවා. ඒ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩකළ විශාලතම පක්ෂයේ ප්රතිපත්තිවලටත්, පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂයේ ප්රතිපත්තිවලටත් විරුද්ධයි” යැයි ඒ මහතා පැවසීය.




( ඡායාරූප -ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීට ඡන්දෙ දෙන්න කියලා ඔබ අනුමත කරනවා. ඉතින් දැන් ඔබ මොනවද මේ කියන්නේ?
ඉස්සෙල්ලම ඔයාගේ බෙල්ලට තොන්ඩුව දැම්මා නම් හරි...
මරණ දඬුවම දේශපාලකයින්ට පමණක් ක්‍රියාත්මක කරන්න. කිසිම රටක් විරුද්ධ වෙන එකක් නැහැ. මිලියන ගණන් හොරාකන්නේ, මිනීමරන්නේ... මේ සේරම කරලා හිරේ යන්නෙත් නැහැ. මුන්ට නඩු අහලා වැඩක් නැහැ. එකපාරටම එල්ලන්න. අගමැති, ජනපති කියලා වෙනසක් අවශ්‍ය නැහැ.
ඔව් ඉතින් දේශපාලකයන් කොහොමත් විරුද්ධ වෙනවා. වැඩිම පිරිසක් ඉන්නේ මරණ දඬුවම දෙන්න ඕනෑ අයනේ.. එළියෙ හිටියට නේද?
ජේසුතුමාට මරණ දඬුවම දීම හරිද? පවතින නීතියට අනුව ජේසු වැනි පරමාර්ථ වශයෙන් නිවැරදි අය වැරදිකරුවන් වන අවස්ථා ඇත. එය විඳවන්න වන මහා පවකි. බුදුදහම අනුව එල්ලුම් ගහ පනවන මෛත්‍රිටයි මරණින් පසු නිරයේ පැහෙන්න වෙන්නේ පලමුසිල් පදය කැඩීම නිසා...
ඔය ඔක්කොම එවුන් රටේ නීතිය ප්‍රතිස්ථාපනය කරනවට සහ අපරාධකාරයට සුදුසු දඬුවම දෙනවට විරුද්ධ බව අපි කොහොමත් දන්නවා. අායෙ කියන්න දෙයක් නැහැ. කුඩු පාතාලවලින් අසාධාරණයට, ජීවිත හානියට ලක්වුණු අසරණයා ගැන කාටවත් වගක් නැහැ. සේරම අයිතිවාසිකම් සහ මානව හිමිකම් සමග දේශපාලන රැකවරණේ තියෙන්නේ අපරාධකරයාට, ඔහෙලා රොත්තම කොහොමත් ගෙදර යවන එක ස්ථිරයි. නැත්නම් අගතියට පත් ජනතාවටයි එල්ලෙන්න වෙන්නේ...
එල්ලා මැරීමට විරුද්ධ වුනාට වසර හතරක් වෙනතුරු රටේ ජනතාව නොමරා මැරුවා, මේ ගැන ඔබතුමාට මොනවද හිතෙන්නේ?
ඇයි... අගමැතිතුමෝ මරණීය දණ්ඩනයට ඔච්චර බය වෙන්නේ? සමහර වෙලාවට තමුන්නාන්සේ වෙන්නැති ඒ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ... මහ බැංකුව මහදවල් මංකොල්ල කාපු ඒවායේ ප්‍රතිඵල ළඟළඟම ලැබෙනවා. ඒක තමයි අගමැතිතුමා කියන්නේ රජකම් කළත් කළකම් ඵල දෙනවා කියලා.
එතකොට ඔබතුමා කියන්නේ හිරේ ඉන්න මරණ දඬුවම නියමවුණු කුඩු මුදලාලි කෙනෙක් අවුරුදක්කට කුඩු ටොන් 1ක් විතර ජංගම දුරකථන හරහා ඩීල් කරලා වසරකට ජිවිත 100 - 1000 අතර ප්‍රමාණයක් ඍජුව සහ වක්‍රව මරා දමන එක ප්‍රශ්නයක් නැහැ කියලද? සමහර විට කුඩු කාරයිනුත් ඔබට සල්ලි දෙනවද දන්නේ නැහැ. ඔවුන්ව නීතියෙන් ආරක්ෂා කරන්න කියලා? බන්ධනාගාර ඇමතිකම තිබෙන්නේ ඔබගේ පක්ෂයටනේ... පුලුවන්නම් අඩුම තරමේ රැඳවියන් විසින් බන්ධනාගාර තුළ සිට ජංගම දුරකථන භාවිතා කරන එක නතර කරලා පෙන්වන්න. නැත්නම් කට වසාගෙන ඉන්න.
එජාප පාක්ෂිකයන් වැඩි හරියක් ඔබේ නායකත්වයටද විරුද්ධ බව ඔබ දන්නේ?
හිතන් ඉන්නේ රටේ ජනතාව මෙයාලා වගේ මැරිලා ඉපදිලා කියලා...
ඔව් ඔව්! අපි (එල්ලා) මරණ දඬුවමට කැමති නෑ! (ටයර් උඩ පණ පිටිං පුච්චා) මරණ දඬුවමට තමා කැමති!
එහෙමනං මරණ දඬුවම අහෝසි කරල දාන්න. නිකම් බොරුවට තියං ඉන්නේ නැතුව. ජේ.ආර්. හෝ ප්‍රේමදාස හෝ ඔයා වගේ පක්ෂයට අසාර්ථක නායකත්වය දුන්නේ නැහැ...
එතකොට ප්‍රතිපත්ති වලට එකඟ කොයි විදියට මරණ එකද? දැන් කරනවා වගේ ටිකටික මරණ එකද?
මේකට තමයි "ශ්‍රී ලංකාව" කියන රටේ "දේශපාලනය" කියල කියන්නේ ... එකෙක්.. ගොඩට අදිනකොට ... අනිත් එකා අදින්නෙම .. මඩට !!! මේකට සුද්දෝ කියන්නේ " හෑන්ඩ්බ්‍රේක්" කියලා .
ඇයි ඇති එකමත් එක කාලෙක මිනිස්සු පාරවල් වල පුච්චලා මැරුවේ මොන ප්රතිපත්තියකට එකඟවද?
බැංකු හොරාකාපු... සල්ලි අරන්... තම්බිලට කත් අදින... මුන්ව එල්ලා දැමිය යුතුයි.
1989 ඉස්සෙල්ලද? පස්සෙද?
ඔහේගේ ආණ්ඩුවෙන් මේ රටට සහ මිනිසුන්ට කරලා තියෙන හානිය හොඳටම ඇති.. කට පියාගෙන හිටියොත් හොඳයි. තොත්ත බබා වෙන්න එනවා. රට විකුණලා, බැංකු මංකොල්ල කාලා, තව කලක් යනකොට අපට මේ රටේ ඉන්න වීසා ගන්න වේවි...
බුදුන් සරණ ගිය රජවරුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කලේ නැහැ. බුදුහාමුදුරුවොත් මරණ දඬුවම නොරකරන ලෙස රජවරුන්ට උපදෙස් දුන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට වගේම එකල රජවරුන්ටත් දණ්ඩනය රටක පැවැත්මට අත්‍යවශ්‍ය බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් තිබුණා.... අද අපරාධකරුවන් වෙනුවෙන් කෑගහන සමහරුන්ට නැති උනාට.
එතකොට එස්ලෝන් බට කටු කම්බි සාත්තුව ලබාදී ටයර් සෑයේ දැවීම ඔය ප්‍රතිපත්තියේ තියනවද?
ලංකාවේ තිබෙන නීතිය නැවිල්ලේ හැටියට මරණ දඬුවම ඇත්තම වැරදිකාරයාට ලැබෙයිද කියලා මොකක්ද තියෙන තහවුරුව? පොඩි මිනිහෙක්ට නීතිඥයින්ට ගෙවන්න සල්ලි නෑ. ලංකාවට වඩා දියුණු හා කාර්යක්ෂම අධිකරණ ක්‍රමයක් තිබෙනා රටවලත් මරණ දඬුවම දීලා පස්සේ ඒක වැරදියි කියලා හෙළි වෙලා තිබෙනවා.
ඔබතුමාගේ ප්‍රතිපත්තියක් නැති බහුභූත වැඩ වලට රටේ ජනගහනයෙන් 90% විරුද්ධය , කරුණාකර ගෙදර යන්න
අවුරුදු හතරාමාරක් බුදියන් ඉඳලා මේ මාස 6 ටද වෙල්ලස්ස සංවර්ධනය කරන්න යන්නේ...