(සිතුම් චතුරංග)
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (21) පැවසීය.
මෙරට බන්ධනාගාරවල තිබෙන්නේ මරණ දඩුවමට නියමවූයේ යැයි කියා ලබාදුන් තීන්දුව පමණක් බවත් එහි සඳහන් වන්නේ අදාළ පුද්ගලයා මරණ දඩුවමට නියමවූ පුද්ගලයකු කියා පමණක් බවත් සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ඊට අදාළ වෙනත් ලිපිගොනු කිසිවක් බන්ධනාගාරයේ හෝ අධිකරණ අමාත්‍යංශයෙත් නොමැති අතර එයට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ලිපිගොනු සොරකම් කිරීම බව ජනාධිපතිවරයා හෙළිදරව් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ මතින් තොර රටක් නිර්මාණය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක‍්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ආරම්භ කරමින් මුලතිව් මුල්ලියාවේලි විද්‍යානන්ද විදුහලේ පැවති වැඩසටහනකදීය.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මරණ දඩුවමට නියමවූවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද කීය.
‘‘මම ගියසතියේ පිලිපීනයට ගිය වෙලාවේ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ අලූත් දේවල් ඉගෙනගන්නට ලැබුණා. පිලිපීනය මත්ද්‍රව්‍ය නිසා විනාශ වී තිබූ රටක්. පිලිපීනයේ ජනාධිපති කළ දේවල් නම් මම කරන්නේ නැහැ. ඒවා කරන්නැත්තේ එවා කරන්නට ගියොත් ඒවාට විරුද්ධවන අය වැඩියි මේ රටේ. ඒවාට විරුද්ධ වන මේ රටේ සිටින එන් ජි ඕ කාරයින්ගේ බලය වැඩි නිසයි. මානව හිමිකම් කතාකරන එන් ජි ඕ කාරයෝ නිසා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පැත්ත අරන් කතාකරන හින්දා ඔවුන්ට බලය වැඩියි.
මා පිලිපීනයේ වැනිලා නුවරදී කිව්වා ලෝකයේ සිටින රාජ්‍ය නායකයින්ට ආදර්ශයක් පිලිපීන ජනාධිපතිවරයා කියා මා දැක්කා ලෝකයේ මානව හිමිකම් සංවිධාන කියා තිබෙනවා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා මානව හිමිකම්වලට විරුද්ධ වීම හා සහයදීම හේතුවෙන් හේට්නුවරට ගෙනිහින් මට දඬුවම් දෙන්න පුළුවන් කියලා තිබෙනවා මම දැක්කා.
මම සිංගප්පුරුවේ සිට ලංකාවට පැමිණි ගුවන්යානයක තිබූ පත්තරයකත් එය දාලා තිබුණා. මේ කෑගහන මානව හිමිකම්කාරයෝ මේ රටේ මත්ද්‍රව්‍ය වලින් විනාශවන දෙය පිළිබඳ තැකීමක් නැහැ. මත්ද්‍රව්‍යකාරයොත් රකිනවා මානව හිමිකම් ගැන කියලා. එම නිසා මානව හිමිකම් සංවිධානවලට විරුද්ධව මත්ද්‍රව්‍යකාරයින්ට එරෙහි සටන මා අතහරින්නේ නැහැ.
මානව හිමිකම් සංවිධානවලට මා කියනවා ඔය වෙස්මූණ ගලවලා මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයට එක්වී මේ රට මත්ද්‍රව්‍ය වලින් හා දරුවන් රැකගන්න කියා. මේ රටේ දුප්පත්කමට දුගි බවට ප‍්‍රබල ප‍්‍රශ්නය මත්ද්‍රව්‍ය. මේ රටේ දුප්පත්කම වැඩි මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ දුප්පත් ජනතාව . එම නිසා ඔවුන් තවත් දුප්පත් වෙනවා. ලෙඞ්ඩුවෙනවා, ඔවුන් විනාශකාරී දෙවල් හා නීති විරෝධී දේට යොමුවෙනවා. එම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව කතාකරපසු ඊට විරුද්ධ වන මානව හිමිකම් සංවිධාන මේ යතාර්ථය හා සත්‍ය දැකගන්නැත්තේ ඇයි කියා මා විමසනවා.
ඉදිරි දිනවලදී මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් පිලිපිනයේ විශේෂ කණ්ඩායමක් ලංකාවට එනවා. ඒ නිසා මෙතෙක් ගෙන ගිය මත්ද්‍රව්‍ය මර්දන විරෝධී ව්‍යාපාරය අලූත් මුහුණුවරකින් ලබන සතියේ සිට පටන්ගන්නවා.
තවත් මං විශේෂ දෙයක් කියන්න ඕනෑ ඔබට දැනගන්න. මත්ද්‍රව්‍ය නිසා මත්කුඩු නිසා මරණීය දණ්ඩනය නියම වී සිටින අය එල්ලා මැරීමට මම තීරණය කළා කියා පසුගිය දවසක මා ප‍්‍රකාශයක් කළා.
ලංකාවේ සිරගෙවල්වල සියගණනක් සිටිනවා මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනය නියමවූ අපරාධකරුවන්. හරි පුදුමයක් මා මේ ගැන කියන්නම්. මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියමවූ මේ පුද්ගලයින්ගේ අපරාධකරුවන්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු නැහැ ඒවා අතුරුදහන් වෙලා. හිරගෙදර තිබෙන්නේ මරණ දඩුවමට මෙම පුද්ගලයා නියමවුනා කියාදුන් තින්දුව විතරයි.
එහි සඳහන් වන්නේ මොහු මරණ දඩුවමට නියමවූ පුද්ගලයකු කියා විතරයි. ලිපිගොනු කිසිවක් නැහැ. ඊට අදාල වෙනත් ලිපිගොනු කිසිවක් නැහැ. හිරගෙදරත් නැහැ. ඒවා අධිකරණ අමාත්‍යංශයෙත් නැහැ. මොකද්ද මෙයට හේතුව. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ලිපිගොනු සොරකම් කරලා.
එවැනි ලිපිගොනුවක් තිබෙන්නේ ලංකාවේ සිරගෙදර සිටින එක් පුද්ගලයකුට පමණයි. ඒ පුද්ගලයා ශ‍්‍රී ලංකිකයකු නොවෙයි ඔහු පාකිස්තාන් ජාතිකයෙක්. මට පාකිස්තාන් ජාතිකයෙකු එල්ලා මරන්න අවශ්‍ය නැහැ මත්ද්‍රව්‍ය නිසා. නමුත් මා හොයනවා ලිපිගොනු එකක් දෙකක් හෝ මත්ද්‍රව්‍ය නිසා මේ රටේ ශ‍්‍රී ලංකිකයෙක් මරණීය දණ්ඩනය නියමවූ. එම නිසා මා ඒ වැඩසටහන අත්හරින්නේ නැහැ.
මේ දරුවන්ට, රටට මේ ජාතියට විනකරන ජාවාරම්කරුවන්ට සමාව දෙන්න කියාද මේ කියන්නේ. ඔවුන්ව ආරක්ෂා කරන්නද කියන්නේ.මේවාට සම්බන්ධ වන අය බොහෝ පිරිස් ඉන්නවා. දේශපාලඥයින් ඉන්නවා, හොඳ මහත්වරුන්ගේ ඉන්න රාජ්‍ය නිලධාරන් ඉන්නවා. එළියට පේන්නේ ජාවාරම්කරුවන් ගැන විතරයි තොරතුරු ලැබෙන්නේ. නමුත් මේ මහත්වරුවගේ ජාවාරම්කරන පුද්ගලයින් පිළිබඳ ඉදිරියේදී රටට හෙළිකරනවා‘‘ යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිලුවක්ද මේ. ලිපි ගොනු නැති වුණා කිව්වම ඔක්කොම හරිද?
හත් දෙයියනේ දැන් එතකොට ඔය කියන ලිපිගොනු අතුරුදහන් කරලා තියෙන්නේ සාමාන්‍ය රජයේ කාර්යාලයකින් ද ??? කව්ද ඒ අතුරුදහන් වූ ලිපිගොනු වලට වගකීම බාර ගන්නේ ? නීති පිළිබද අමාත්‍යංශයනුත් එසේ අස්ථානගත වෙනවානම් අනිත් රජයේ කාර්යාලවලින් කෙසේ එවන් ආරක්ෂාවක් බලාපොරොත්තු වන්න ද ?
ඔන්න කරන්න පුළුවන් නම් වටිනා වැඩක්.
මේ කතාව අැත්තනම් මේ ලිපි ගොනු අතුරුදහන් කරන්න අැත්තේ රජයේ නිලධාරින්. කුඩුකාරයන්ට කලින් අල්ලසට යටවෙමින්. දූෂණයට උඩගෙඩි දෙමින්, මේ රටේ සිඟමනේ යෙදෙමින් වේලකට පාන් කෑල්ලක් කන මිනිසාගේ පටන් ගෙවනා බදු මුදලෙන් යැපෙමින් ජනතා මුදල් හොරා කන දේශපාලකයින් සහා රජයේ නිලධාරීන් තුරන් කරන තුරු මේ රට හදන්න බෑ. දේශපාලකයන් පිටුපසු අන්ධ භක්තියෙන් වන්දනා කරමින් යන දේශපාලන වහලුනේ මම දෙයක් කියන්නම්. මේ විදියට මේ රට දිගටම ගියොත් මේ රටේ ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියදාට ජනතාව විසින් එය සිදු කරනු අැත.
ලියුම් ගහ ගහ එල්ලුම් ගස් යවල කවදද ලංකාවේ මත ද්‍රව්‍ය නැති කරන්නේ? ඇයි පිලිපිනේදී කියල දුන්නේ නැතිද කරන ක්‍රමේ?
බන්ධනාගාරයේත් අධිකරණ අමාත්‍යාංශයෙත් ලේඛනාගාර තිබෙනවානේද? ඒවායේ ලේඛන භාරකරුවන් හා සේවකයන් ඉන්නවා. ඔවුන් ඒ්වායේ ආරක්ෂාව ගැන වගකියන්න බැඳිල ඉන්නවා. යම් ලෙසකින් ලේඛනයක් විනාශ කරනවානම් එයට ක්‍රමවේදයක් තියෙනවා. විනාශකල ලේඛනවල ලැයිස්තුවක් තබාගෙන මිස ලේඛන විනාශ කරන්නත් බැහැ. මේ ගැන පරීක්ෂා කලොත් සිදුවුනේ කුමක්ද දැනගන්න පුලුවන්වේවි. තවත් දෙයක් කියන්න වෙනවා. වර්තමානයේ ඵලදායිතා සම්මාන සඳහා ආයතන සූදානම් කරන කොට පැරණි ලියවිලි කිසිම වග විභාගයකින් තොරව විනාශ කරන තත්වයකුත් තියෙනවා. එය ඵලදායිතා නිර්ණායකයක් වෙනවා. ඒ ගැනත් බලන්න.
" එයට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ලිපිගොනු සොරකම් කිරීම" මොකක්ද ඒ කතාව. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයටයි අධිකරණ අමාත්‍යාංශයටයි එන්නේ නැහැ ඔය ලිපිගොනු හොරකම් කොරන්න. ඕවා හොරකම් කොරන්නේ ඔබලා විසින්ම පත් කොර ඇති අවුරුදු පතා වැටුප් වැඩිකරන රජයේ සේවකයින් කියා ගන්න කොටසයි. මහා බැංකුවේ මුදල් වංචාවට මුදල් ඇමති සහයෝගය දුන්නානම්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ලිපිගොනු සොරකම් කිරීමට අදාළ ඇමැතින්ගේ සහයෝගය නොලැබෙනවා කියන්නේ කොහොමද. කෙසේ වෙතත් නඩු අසා කලයුතු තර්ක විතර්ක වලට සවන් දී විසුරුවන් ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශ ඇත. ඔබට තර්ක විතර්ක කරන්න දෙයක් නොමැත ඇත්තේ තීන්දුව ක්‍රීයාත්මක කිරීමය. මෙවන් හේතුන් ඉදිරියට දමා මරණීය දණ්ඩනය ක්‍රීයාත්මක නොකිරීමෙන් ඔබ කොරන්නේ තවත් ප්‍රෝඩාවකි. මට දැන් ඔබගේ හා යහපාලුවන්ගේ අවංක භාවය ගැන සාදාරණ සැකයක් මතුවේ.
" නමුත් මේ මහත්වරුවගේ ජාවාරම්කරන පුද්ගලයින් පිළිබඳ ඉදිරියේදී රටට හෙළිකරනවා‘‘ යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය." ඔය දේශපාලකයෝ කියන කතාවක්නේ "ඉදිරියේදී රටට හෙළිකරනවා" කියන එක.
ඉතින් අපිට කියන්නෙ හොයලා දෙන්න කියලද ? නිකන් විහිලු සපයන්නේ නැතුව වැඩ කරන්න මහත්තයෝ. මෙයා මරු මාතෘකා ටිකක් අල්ලන් තියෙන්නේ. වංචා දූෂණ, මත්ද්‍රව්‍ය නිවාරණ, මහ බැංකු හොරකම, ඝාතන කුමන්ත්‍රණ. මේ දෙවල් ජනප්‍රිය මාතෘකා වුනත් කිසිම වැඩක් නොකර කියව කියව ඉන්න පුලුවන් ලස්සන දේවල්.
අතිගරු ජනාධිපතිතුමනි, 2014 නොවැම්බර් 21 දින සිට මේ දක්වා ඔබගේ ඔය වැනි කතා කීයක් නම් අපි ඇහුවද? එකක්වත් ක්‍රියාත්මක උනේ නැහැ නේද? අපිට ඔය කතා ඇති වෙලා. තව ඔබට ඔය තනතුරේ ඉන්න තියෙන කාලය වසරක් වත් නැහැ. ඔය කට කයිවාරු නවත්තල දැන්වත් කරන දෙයක් කරන්න.
මොනවාද ඔබ මේ කියවන්නේ...????
එම් එස් පරාදයි.
හෙලි කර කර ඉද වැඩක් නෑ..එකපාරම දඩුවම් දුන්නාම් හරි
හෙළි කර කර ඉද වැඩක් නෑ..එකපාරම දඩුවම් දුන්නාම් හරි
වෙිලේ සුදාට මොකද අද නිදසස් පොඩෙි මිනිසු අල්ල බොරැවට හිරේදානවා වෙිලේ සුදා අල්ලන්නත් මුදල් නාති කරා එදා....
තමුන් කවුද ....තමුන්ගේ වගකීම මොකක්ද.......නොදන්නා ..කෙනෙකුගේ ...කතාවක් හෙවත් රාජකාරිය පැහැර හැරීමට හිතා මතාම උත්සහ ගන්නා කෙනෙකුගේ කතාවක්
දැන් ඉතින් ඔය මත්ද්‍රව්‍ය කාරයින්ට පුළුවන් මට විරුද්ධව කිසි නඩුවක් තිබුනේ නැහැ... ප්‍රධාන ජේලර් වරයා මගෙත් එක්ක තරහට මව අල්ලලා හිරේ දැම්ම කියලා නඩුවක් දාලා බේරිලා ගෙදර යන්න
රටට කියල වෙඩක් නෑ. ජනපති හැටියට ඔබට ඕක හොයාගන්නවත් බැරිද? අනේ මන්ද මේ රටේ දේශපාලකයෝ ?
අපි දැන් අවරුදු 4 ක පමණ ඉඳන් අහන්නේ එකම සින්දුවනේ ( අරය නිසා මේක බැහැ-මෙය නිසා අරක බැහැ , බැහැ , බැහැ ) අනේ නිකන් විකාර කතා නොකර ඉන්න , භාණ්ඩාගාරයේ තිබෙන ලිපිගොනු සොරකම් කරානම් උසාවියෙන් දීපු නඩු තින්දුව ඇතිනේ ? ඔය ඔක්කොම ලිපිගොනු හොරකම් කරන්නේ කොහොමද ? එතකොට මේවා භාරයේ තිබුන නිලධාරීන් ගැන ගන්න පියවර කුමක්ද ? දඩුවම ක්‍රියාත්මක කරන්න දිනයක් සහ වෙලාවක් නියම කරන එක කරන්න එක ඔබතුමාගේ වැඩක් , කරන්න අකමැතිනම් නිකන් බොරුවට ගැලරිය පිනවන කතා නොකිය නිකම් ඉන්න,
කොන්දේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන් !
මොනවාද මන්දන්නේ නැහැ, මේ මනුස්සය හැමදාම එක එක කතන්දර කියා කියා අතන මෙතන යනවා. වැරදි වෙලා නම් ඒවා අල්ලලා අදාල අයට හරියට දඬුවමක් ලැබෙන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනි. අර කොමිසන් මේ කොමිසන් කියල කියක් දැම්මද? මොනම නිශ්චිත ප්‍රතිඵලයක් උනේ නැහැනේ? හොරු නිදැල්ලේ. හොයල නොබලා උතුරට දැම්ම ආණ්ඩුකාරයෙක්. පුදපු ගමන්ම කාපි යකා කිව්වා වගේ උතුරේ බුදු දහමට එරෙහිව ගොරවන්න ගත්ත. දැන් වත් තේරෙනවද දන්නේ නැහැ තමන්ට බොහොමයක් වැඩ හරියට කරගන්න ශක්තියක් නැති වග?
ඉතින් කොහොමද මම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නේද?
ඔන්න ඉතින් ඒකත් ක්‍රියාත්මක නොකරන්න හේතුවක් හොයා ගත්ත.
මෙයා හොදම විහිළු සපයන්න වෙලා හුඟක් කල්. ලැජ්ජයි!!!! හැමදාම අන්නුන්ට වැරදි පටවනවා.
මේවට වගකිවයුතු අය අපිද හොයලා දෙන්න ඔනෙ
ජාවාරම්කරුවන් ලිපි ගොණු සොරකම් කරා කියලා උජාරුවට කියන හැටි..
මෙලෝ රහක් නැති කිසිම දෙයක් කරන්න බැරි කෙනෙක්....
අද එන්ජීඕ කියලා බනින සංවිධාන ඇතුළු සංවිධාන 48 ක් මෙයාව ජනාධිපති කරන්න සහාය දෙනකොට ඒ්වා හොඳයි.. දැන් මෙයාගේ ඒකාධිපති වැඩ වලට විරුද්ධ වෙනකොට ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට සහාය දෙන සංවිධාන.. කාටද කියන්නෙ? කට ඇරියොත් නා ගන්නවා..
අර හිටපු එක්කෙනා පැරදිලා ගෙදර යනකොට ගෙනිච්චා කියන ලිපිගොනු අස්සේ මේ ලිපි ගොනුත් මාරුවෙලා ගියා කියල කවුද දන්නේ! රටේ ජනාධිපති හැටියට නිලධාරීන්ගේ බල පුළුවන්කාරකම්, වංචා ගැන කටමැත දොඩවන කෙනෙක් මීට ඉස්සර නම් ඔය වැදගත් ආසනයේ වාඩිවෙලා නැතිබව පැහැදිලියි. දැන්වත් මෙවැනි "වැදගත් නඩු තීන්දු" උසාවිවල සිට කෙලින්ම පරිගණක ගතකර ආරක්‍ෂිත ස්ථානවල ගබඩා කිරීම සුදුසු නොවේදැයි කල්පනාකිරීමට කාලය එළඹ තිබේ යයි මගේ ටිකිරි මොළයට පේනවා. ඒ අස්සේ එයා ගැන ලියන, කියන කතා යලිත් වරක් මෙයා පුවත්පත් මගින් කියවා දැනගෙන තිබෙනවා....මේ පාර එයා පොළොවේ පය ගහල ඉන්නකොට නෙවි කියවා තිබෙන්නේ. මීටර් 10 000 ක් උඩින් පියාසර කරමින් හිටිද්දී මෙයා කියෝපු මේ පුවත සත්‍ය උනොත් මලා තමා...
මෙතුමා තමාගේ බලතල නොදැනුවත්ව 19 වන සංශෝධනයෙන් අඩුකරලා දැන් එක එක දේවල් කියනවා. ලංකාවේ මිනිසුන්ගෙන් වැඩ ගන්න විධායක ජනපති ක්‍රමය අවශ්‍ය බව දැන් හුගක් අයට අවබෝධ වෙනවා ඇති .
එක සැරයක් , මරණීය දණ්ඩනයට......නියම උවන්ගෙන් තවත් මොන ලියකියවිලි අහනවාද ..?? මේකට හේතුව මේ වැරදිකාරයො අවුරුදු ගණන් හිරගෙවල්වල තපින්න සැලැස්වීම නේද ..? තීන්දුව ලැබුණු විගස නීතිය ක්‍රියාකාරී උනා නම් .. මෙහෙම දේවල් සිද්ද නොවන බව අපගේ මතයයි ..!!!
දින 52 ක ක්‍රියාන්විතය සුළු පටු නැහැ වගේ!
දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි. මරණ දඩුවමට නියමවු හැමෝම එල්ලලා මරණ්න.
"කොන්දේ බැඳපු චීන්නුන්ට ඕවා කියන්න!" ලු. ඔයාටත් එක්ක තමයි ඔය කියලා තිබෙන්නේ
තමන් රටේ ජනාධිපති කියන එක අමතකද?
ලංකාවේ එල් චෙපෝ, මෙක්සිකෝවෙන් ලංකාවෙයි වෙනසක් නැහැ. ඔක්කොම ඩීල් තමයි...