(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වූ තවත් රෝගීන් 41ක් හඳුනා ගත් බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රෝන් ආසාදිතයන් ගනන 45කි. ඔමික්‍රොන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම කෙනකුම හැකි ඉක්මණින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි ඉල්ලා සිටියි.