මෙරට හිටපු විනිසුරුවරයකු වන ධර්මසේන යකන්දාවල මහතා කැනඩාවේ මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත.
කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් (එන්.ඩී.පී.) හෙතෙම මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන අතර එරට ඇබට්ස්ෆර්ඩ් ඡන්ද කොට්ඨාශය වෙනුවෙන් තරග වදියි.
හෙතෙම බ්‍රිතාන්‍ය කොලොම්බියා (බ්‍රිටිෂ් කොලොම්බියා) ජනපදය/ප්‍රාන්තය නියෝජනය කරයි.
කැනඩාවේ මහ මැතිවරණය ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ය.
කැනඩාවේ පාර්ලිමේන්තුව ආසන 338කින් සමන්විත අතර ඒ වෙනුවෙන් මෙවර මැතිවරණය පැවැත්වෙයි.
මෙවර මැතිවරණය කැනඩාවේ 44 වැනි මහ මැතිවරණය වන අතර මැතිවරණය පැවැත්වීමට නියමිත වසර දෙකකට පෙර මහ මැතිවරණය පැවැත්වෙයි.
නියමිත දිනට වසර දෙකකට පෙර මැතිවරණය පවත්වන බව කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉකුත් අගෝස්තු මාසයේ දී ප්‍රකාශ කළේ ය. ජස්ටින් ටෲඩෝ කැනඩාවේ ලිබරල් පක්ෂය නියෝජනය කරයි.
ධර්මසේන යකන්දාවල මහතා පොළොන්නරුවේ උපත ලබා ඇති අතර චන්දනපොකුණ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති අතර ගිරිතලේගම මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා ඇත.
ඉන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති පීඨයෙන් නීති උපාධිය ලබාගෙන ඇත. ඔහු 1993 නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දී ඇත.
ඔහු අධිකරණ ක්ෂේත්‍රයට එක්ව ඇත්තේ 2000 වසරේ දී ය.
බලපිටිය මහේස්ත්‍රාත්, බලපිටිය දිසා විනිසුරු යනාදී වශයෙන් අධිකරණ කිහිපයක විනිසුරු ධුර හොබවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය පතමු
වර්තමාන කැනඩියානු අගමැති Justin Trudeau සුළුජාතික රජයක් යලිත් පිහිටුවනු ඇත
කැනඩාවේ නීතියේ ආධිපත්‍යය බෙහෙවින් අදාළ වේ. කැනඩාවේ මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට නූගත් හා මුදල් නැති පුද්ගලයින්ට තැනක් නැත. විනය රජය විසින් පවත්වාගෙන යනු ලබයි. දේශපාලනඥයෙකු අතින් වරදක් සිදු වුවහොත් ඔහුව ආරක්ෂා කිරීමට වෙනත් දේශපාලනඥයින් ඉදිරිපත් වන්නේ නැත. ලංකාවේ වගේ. මම ඔහුට යහපත පතමි. ඔහු සංක්‍රමණික ප්‍රජාව සඳහා යොවුන් සේවයක් කර ඇති හෙයින් නියත වශයෙන්ම ඔහුව තෝරා ගනු ඇත.
විනිසුරුවරයෙකු කිව්වාම මට හිරේ ඉන්න රජාව මතක් වුණා.. මෙහෙ වලින් එහෙ දේශපාලනෙත් වනසයිද?
සුභ පැතුම්. ජය වේවා