
(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගතය සමග සමස්ථ ලෝකයටම විශාල අභියෝගයක් එල්ල වූ බවත් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා උත්තර සොයමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ , කැනඩා මිත්‍ර මාවතේ , නව පී.සී.ආර්. වෛද්‍ය පරීක්ෂණාගාරය අද උදෑසන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි .
මෙම නව පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය හොස්පිනෝම් ( Hospinorm ) ආයතනය සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබයි මෙම හොස්පිනෝම් ආයතනය ජර්මනියේ සහ ඩුබායි වල සිය මව් සමාගම් පවත්වා ගෙන යනු ලබයි .
අති නවීනතම වෛද්‍ය උපකරණ වලින් සමන්විත මෙම වෛද්‍ය රසායනාගාරයට පැයකට අදාළ පරීක්ෂණ සිදු කර වාර්තා 500 ක් නිකුත් කිරීමේ ධාරිතාවයක් ඇති අතර , දිනක කාළයක් තුළ පී.සී.ආර්. වාර්තා 7,000 ක් නිකුත් කිරීමේ හැකියාවක් පවතී .
ශ්‍රී ලංකාවේ මෙවැනි වෛද්‍ය පරීක්ෂණාගාරයක් පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙය වේ .
මෙහිදි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම අභියෝග සදහා ඍජුව මුහුණ දී අවසන් ජයග්‍රහණය ලබා ගත යුතුයි. බ
මෙම කොරෝනා වසංගතය නොසිතූ ලෙස ලෝකය වෙලා ගත් බවත් මේ නිසා විසදුමක් නොමැති අවාසනාවන්ත තත්වයක්. ඊශ්‍රායලය , එහි ජනගහනයෙන් 70% කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී , බූස්ටර් තෙවන මාත්‍රාවක් ද ලබා දී තිබියදීත් , ඊළඟ රැල්ලකට ගොදුරු ව තිබෙනවා.
එනිසා මෙවැනි පසුබිමක් තුළ ආර්ථිකයේ මර්මස්ථාන රැක ගනිමින් ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුයි.
එනිසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට ප්‍රතික්‍රියා කිරීමට උනන්දු විය යුතු කාළය එළඹී තිබෙනවා.
ඒ සදහා නිවැරැදි ප්‍රතිපත්ති මත සිට නිවැරැදි විසදුම් සෙවීමට පියවර ගත යුතු බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම බොහොම පින් .අපි තමයි හොඳටම කරලා තියෙන්නේ
අනාගත සංචාරක ව්‍යාපාරයට හොඳ වැඩක්
අපේ රටේ බටහිර වෛද්‍යවරුන්ගේ තිඹිරිගෙය වන යුරෝපයේ නම් එන්නත් දෙකම ගත් අයට බාධාවකින් තොරව රටින් රටට ගමන් කිරීමට හැකි අතරම මෙවැනි පී.සී.ආර් කිරීමක්ද නොවේ. යුරෝපයේ වෛද්‍යවරු මෙම පී.සී.ආර් කිරීම සල්ලි කන බොරුවක් බව වටහාගෙන ඇති අතර අවශ්‍ය අවස්ථාවේදී පමණක් එය කරනු ලබයි. මේ අනවශ්‍ය වියදම් කාගේ උවනාවට කාට කොමිස් දෙන්න කරනවාද කියා සොයා බැලීම වටී.