IMG-LOGO

මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් 500 කට බ්‍රිතාන්‍යයේ දී පුහුණුවක්

(යොහාන් භාසුර)

රූපලාවණ්‍ය ශිල්පීන් 500 කට  බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකා රූපලාවණ්‍ය ශිල්පීන්ට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අදාළ අංශ 4ක් යටතේ පාඨමාලා හැදෑරීමට මෙහිදී අවස්ථාව හිමිවන බව කී අමාත්‍ය පියල් නිශාන්ත මහතා එම පාඨමාලා වටිනාකම රුපියල් කෝටි 10 කට අධික බව ද සඳහන් කළේය.

ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම පාඨමාලාවේදී  බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල දේශකයන් මෙහෙයවන දේශනවලදී සිංහල භාෂාවේ සහාය ලබාගැනීමට ද අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ  බ්‍රිතාන්‍ය නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය. 



අදහස් (11)

මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් 500 කට බ්‍රිතාන්‍යයේ දී පුහුණුවක්

විපරමා Wednesday, 26 January 2022 06:54 PM

දේශපාලුවන්ට කඩේ යන, බත් බැලයන්, හාල්පාරුවන් සහ හිතවතුන්ට සුදුසු යයි යෝජනා කරමි...

:       0       0

Ruhunu Wednesday, 26 January 2022 08:11 PM

ඇමැතිතුමත් එක්ක 501 යි.

:       0       14

nimal Wednesday, 26 January 2022 08:21 PM

රූපලාවණ්‍ය පමණක් නොව විදේශ විශ්ව විද්‍යාල අනුබද්ධව වෙනත් පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීමටද රජය කටයුතු කළ යුතුවේ...

:       0       15

Rohan Wednesday, 26 January 2022 09:14 PM

අනිවාර්යයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සුදුසු මිනිස්සු නම් ලංකාවේ ගොඩක් ඉන්නවා.

:       0       0

අගුපිලගේ Thursday, 27 January 2022 06:05 AM

මේවාට වියදම් කරන්නේ... ඊයේ, පෙරේදා අච්චු ගහපු සල්ලිද ආයුබෝවන්..?

:       0       0

Siri Thursday, 27 January 2022 08:31 AM

ඇයි පියල් නිශාන්ත මන්ත්‍රීවරයත් ගියේ..? එයා බාබර් කෙනෙක්ද?

:       0       0

fairoos Thursday, 27 January 2022 12:19 PM

රට පනින්ඩ ඉන්න අයට කදිම අවස්ථාවක්... ස්තුතියි ඇමති තුමනි.

:       0       0

Darshani pushpamala Thursday, 27 January 2022 01:08 PM

ගොඩක් හොඳ දෙයක් ඇත්තටම සතුටුයි.

:       0       0

beau Thursday, 27 January 2022 03:29 PM

මේ ගොල්ල ආපසු ලංකාවට එන්නේ නැහැ.

:       0       0

Steffy Salon Thursday, 27 January 2022 05:06 PM

ඒක හොඳ වැඩක්... කොහොමද විස්තර දැනගන්නේ..?

:       0       0

උමිමු සලිමා අමින් Friday, 28 January 2022 02:48 PM

පාඨමාලාවට කැමැත්තක් දක්වමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site