
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් සිව්දෙනෙක් සමඟ ටෝලර් යාත්‍රාවක් ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඩෙල්ෆ්ට් දූපතට දකුණින් වූ මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාව සහ ඉන්දීය ජාතික ධීවරයින් සිව්දෙනා භාරයට ගත් බවත් එම ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය මයිලඩි ධීවර වරාය වෙත රැගෙන ආ බවත් නාවික හමුදාව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd