(සුජිත් හේවාජුලිගේ )
පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.
එන්නත්කරණය ආශිර්වාදයක් කරගෙන පාසල් කඩිනමින්ම විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කී පාදෙනිය මහතා මෙරට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම සිටින්නේ පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතුයි යන මතයේ බවද ප්‍රකාශ කළේය.
පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ නිසි වර්ධනයට ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාදෙණිය පුදුම කඩේ යෑමක් නේද යන්නේ? තනතුරටත් අවනම්බුවක්...
වර්ධනය නම් පමා වුණාට කමක් නෑ.. ජීවිතේම නවතින් නෑ කියන වගකීම ඔබට ගන්න පුලුවන් ද?.
මෙයත් රනිල් වගේනේ. ජාත්‍යන්තර ප්‍රජාව කිව්වානම් ලිඳට වුනත් පනිනවා.
දැන් අපේ රටේ තීරණ ගන්නේ ලෝකයේ ඉන්න NGO කාරයෝද? කොරෝනා බොරුව හරහා බටහිර පාලනයක් ආවා. දැන් සැපද?
සත්‍ය නම් මෙය යථාර්තයක් වීමට තවත් මාස කිහිපයක් ගතවන බවයි. ඉන්පසුත් බොහෝවිට මාස කිහිපයක් යනතෙක් පන්තියකට දරුවන් 15 බැගින් පාසල් පැමිණීමට සිදුවනු ඇත. තවත් කල් නොයවා ක්‍රමවත් සැලසුමක් සූදානම් කරමු. වසර දෙකකට අසන්න කාලයක්, වාර විභාග 5ක් මගහැරුණු දරුවන්ට සෑම ශ්‍රේණියක් සඳහාම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්කරන වාර විභාගයක් සූදානම්කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හඳුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් හදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. ප්‍රථමයෙන් අඩු ළමයින් සහිත පාසැල් හැකි ඉක්මණින් ආරම්භ කර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකින්න. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් පාසලට කැඳවා එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. මෙම ක්‍රමය සාර්ථක කර ගතහොත් කොටස් වශයෙන් දරුවන් පාසලට පැමිණෙන අවස්ථාවක පවා අඛණ්ඩව ඉතිරි දරුවන්ට මාර්ගගතව පාඩම හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ...
පාදෙනිය හා ඔහුගේ GMOA කියන සහචරයින්ට නිතරම කාව හරි බිල්ලට ගන්න ඕනෑ. දැන් මෙයාලාව චැනල් කරන ළමුන් පිරිස අඩු වෙලා ඇති. මේ රටේ දරුවන් ටික නිරෝගීව ගෙවල්වල ඉන්නවාට මෙයාලා හරි අකමැතියි. රටේ ලෙඩ්ඩු අඩු වුණාම මෙයාලාට පැවැත්මක් නැහැ. ඒකයි මේ අමාරුව... අනික මෙයාලාට ඕක කියන්න දැනුමක් නැද්ද, ලෝක සංවිධාන කියනකල් හිටියේ... දැන් මෙයාලත් ජාත්‍යන්තර පදයට නටනවා වගේ.... අපේ දරුවන්ගේ කායික, මානසික සුවය වර්ධනය වෙනුවෙන් පාසල හැරුණාම මෙයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ වගේ...
ඒ තරම්ම කොන්ද පණ නැති වුණු රජයක්... පාසල් අරින්නත් ලෝකය කියන්න වුණා.
ඒ වුනාට ස්ටාලින් අනුමැතිය දුන්නා ද. දෙමාපියනට පාරට බහින්න වෙයිද .
අනේ පාදෙණිය මහත්තයෝ, අපේ රටේ පාසල් විවෘත කරන්න මොකටද ලෝක සංවිධාන වල අවසරය.
මේ පිළිබඳව කතා කලයුත්තේ රජයේ බලධාරීන් හෝ ප්‍රවීනයින්. වෘත්තිය සමිති නොවෙයි.
පාදෙනියගේ තාත්තා සුද්දෙක්ද ?