
(රංජන් කස්තුරි)
මේ රට නවයොවුන් වියේ පසුවන පාසල් දරුවන්ගෙන් සියයට 15.4 ක ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීමට කල්පනා කර ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළිවන බව සෙඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
නව යොවුන් වියේ පසුවන පාසැල් දරුවන් හෙවත් වයස අවුරුදු 13 ත් 17 ත් අතර දරුවන්ගෙන් සියයට 15.4 ක් සියදිවි නසා ගැනීමට කල්පනා කර තිබෙන අතර ඉන් සියයට 9.6 ක් සියදිවි නසා ගැනීමට උත්සාහයක නිරත වී තිබෙන බවද එම සමීක්ෂණයෙන් හෙළි වූ බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය සඳහන් කළාය.
සමීක්ෂණයට භාජනය වූ එම පාසල් දරුවන්ගෙන් සියයට18 ක ප්‍රමාණයක් විශාධයෙන් පෙළෙන බවද සමීපතම මිතුරන් ඉන්නා දරුවන් ඉන්නේ සියයට 7.5 කට පමණකැයිද වෛද්‍යවරිය සඳහන් කළාය.
තවද එම පාසල් දරුවන්ගෙන් සියයට 36 කට සෞඛ්‍ය ප්‍රශ්න තිබුණද සෞඛ්‍ය සේවයේ පිහිට ලබා ගැනීමට උනන්දුවක් දක්වා ඇත්තේ සිසුන්ගෙන් සියයට 2 ක් වැනි අඩු ප්‍රතිශතයක් බවද එම සමීක්ෂණයෙන් හෙලිවූ බවද වෛද්‍යවරිය කීවාය.
තවද දුම් පානයට සියයට 5.7 ක් සිගරැට් භාවිතයට සියයට 5 ක් මත්පැන් භාවිතයට සියයට 5.3 ක් ගංජා භාවිතයට සියයට 3.1 ක් ආදී වශයෙන් යොමු වී සිටින බව එම සමීක්ෂණයෙන් හෙළි වූ බවද වෛද්‍ය චිරන්තිකා විතානගේ මහත්මය සඳහන් කළාය.
එම පාසල් දරුවන්ගෙන් සියයට 63 ක්ම පැය 8 කට වඩා අඩු නින්දක් ලබන පිරිසක් වීම කැපී පෙනෙන බව ද වෛද්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවධානය අඩුවීමේ අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (ADHD) එක් හේතුවක් විය හැකිය. මන්ද එම දරුවන් පැය 8 කට වඩා අඩු කාලයක් නිදා ගන්නා බව ප්‍රවෘත්තිවල සඳහන් වන බැවිනි.
ඕවා මොනවා ද ලංකාව තමයි පලස්තීනයට පස්සේ වැඩිම මානසික පීඩනයෙන් ඉන්න රට. හැබැයි කිසිම යුද්ධයක් නෑ. සල්ලි පස්සේ දුවනවා විතරයි. දුප්පත් රටවල නැති තත්වයක් මේක.
මෙන්න ක්ෂණික අවධානය අවශ්‍ය ජාතික ගැටළු. රටේ අනාගතය!
හුඟක් ඒවා එක්ක එකඟ වෙන්න පුලුවන්. ඒත් නින්ද.....? දවසට පැය 8ට වඩා අඩුයි? මේ ළමයි කියන්නේ ඇත්තද?