ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදීම හේතුවෙන් නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට බාරදීම සිදු කෙරිණි.
නිදහස් කරන ලද ට්‍රෝලර් ධීවර යාත්‍රා 2015, 2016 සහ 2017 වර්ෂයන් හිදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ ධීවර යාත්‍රා වේ.
එම ට්‍රෝලර් ධීවර යාත්‍රා ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයේ නැංගුරම් ලා තිබිණි.
පසුගිය දෙසැම්බර් 13 වැනි දා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් එම යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අලුත්වැඩියාවන් සිදු කිරීමෙන් පසුව එරට බලා පිටත්වන ලද අතර, එම ට්‍රෝලර් ධීවර යාත්‍රා බාරදීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 වේග ප්‍රහාරක යාත්‍රාව එක් වූහ.
ඒ අනුව, ඔවුන් ඊයේ (18) සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘අමේයා’ නෞකාව වෙත බාර දීමට කටයුතු කෙරිණි.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය




2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙරට අත්අඩංගුවේ තිබු ට්‍රොලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට