(අයි ආර් ඉන්දික)
සීයා හිනෙන් කියු මැණික් මුට්ටියක් ගැනිමට හතරවටේ බිත්ති බැඳ ඒ තුල වලක් හාරා නිදන් සෙවු පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරිහු පිරිසක් සමත්වුහ.
බුත්තල කරවිල කනත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නිවසට යාබදව කාමරයක් මෙන් බිත්ති බැඳ එහි අඩි හයක පමණ ගැඹුරට වළක් හාරා ඇති අතර කිසිවකුටත් නෙපෙනෙන ලෙස මෙම වල ලෑලි අතුරා වසා දමා තිබි ඇත .
කොළඹ පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලයට ලැබුනු දුරකථන ඇමතුමක් අනුව මෙම ස්ථානය පරික්ෂාවට ලක් කරන මෙම ඒකකයට තොරතුර ලබාදි ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වු නිළධාරින් නිවස ආශ්‍රිතව සිදුකළ පරික්ෂාවකදි මෙම කාමරය තුළ වසා දමා තිබු වළ හමුවී තිබේ පුජා බඩු, පහන් ,වළ හෑරිමට යොදාගත් උපකරණ සමග සැකකරු බුත්තල පොලිස්ථානයට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පරික්ෂණ බුත්තල පොලිසිය සිදුකරයි.
.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැරිච්ච සීයාගේ කීමට වැඩ කළ මුණුපුරා අත්අඩංගුවට
මයන්ත Tuesday, 07 March 2023 05:05 PM
මේ මොන විහිලුද. හීනෙන් කියපු දේ අනුව මුනුබුරා පමනක් නොව රජයේ නිලධාරින්ද වැඩකරලා. මොඩයෙක් වලක් හැරුවම ඒක අල්ලන්න ගිහින් රජයට කළ වියදම නිලදාරින් ගෙන් අයකරගත යුතුයි.
Bamunuarachchi Tuesday, 07 March 2023 05:45 PM
මේ වගේ මැට්ටෝ ඉන්න රටක්ද දියුණුවෙයි කියලා හිතන්නේ? මේත් ජෙප්පෙක් තමයි. හේතුව කව්රුත් කියන දේ වගවිභාගයකින් තොරව විස්වාස කිරීම.
Anura Tuesday, 07 March 2023 06:08 PM
ඔය ආච්චිට කීවානම් මල්ලක දාලා ඉස්සරහින් තියනවා .ගේ බිඳින්න ඕන නෑ
Piyal weerasinghe Wednesday, 08 March 2023 09:06 AM
සිහින අස්සේ ගියා නම් අද අපි සුපිරි කොටිපතියෝ. මෙහෙමත් අන්ධ විශ්වාස පස්සේ යන මිනිස්සු ඉන්න එක ගැනයි දුක....