
(බී.ජී. චතුරංග)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන් විට, එම අයගේ තොරතුරු පොලිසිය ජාවාරම්කරුවන්ට ලබා දෙන බව පවසමින් කැකිරාව, මොරගොල්ලාගම ගම්මානයේ පිරිසක් කැකිරාව පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.
පසුව අනුරාධපුර පිහිටි ඩී.අයි.ජී කාර්යාලයට පැමිණි උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ගමේ සිටින නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ මොරගොල්ලා ගමේ පදිංචි ලයනල් නිස්සංක කුමාර නමැති අය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බවද එම පිරිස් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙන් රට ජනතාව බේරාගමු!!!
හපොයි පොලිසියට විස්තර දෙනවා කියන්නේ ඉල්ලගෙන කෑමක්. හොඳ නිලධාරීන් ඇති. හැබැයි ජාවාරම් කරුවන්ගෙ යාලුවන් තමයි ගොඩක්. අර ළඟදි එක විස්කෝතුව දෙකට කඩන් කෑවේ.
පොලිසිය හදන්න. රට නිකන්ම හැදෙනවා
ප්‍රේමරත්න මයා ගේ අදහස නියමයි
ගොඩක් ගම්වල හොඳම සල්ලි කාරයෝ වෙන්නේ කුඩු, ගංජා, කසිප්පු ව්‍යාපාර කරන අයයි. ඒ වගේම පොලිසියේ සමහර අයත් ඔවුන්ගේ හොඳම යාළුවෝ. කොච්චර මෙහෙයුම් ගෙනාවත් ගම්වල මේ දේවල් නවත්තන්න බැහැ.
ඔන්න පොලිසිය කන උන්.අනිත් අයටත් පාඩමක් වෙන්න දෙන්නම මාරු කරන්න තියෙන්නේ.
අපරාධ ප්‍රවර්ධනය කරන්න , අපරාදේ කියන්න බැහැ සමහර පොලිසි වලින් දෙන සහයෝගය මරේ මරු. කියලා වැඩක් නෑ. අපරාදේ කියන්න බැහැ ඒ වගේන හොඳ අවංක, ගුණවත්, නැණවත් පොලිස් නිලධාරීන් ඉන්නවායි කියන්නත් ඕනා.