
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස වරලත් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා බත්තරමුල්ල, කොස්වත්ත, ‘මහනැගුම මහමැදුර’ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිය රාජකාරි අද ආරම්භ කළේය.
කණ්ඩම්බි මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ විශේෂ ව්‍යාපෘති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් තනතුරු රැසක දරා දීර්ඝ සේවා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
කණ්ඩම්බි මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධි සහ පශ්වාත් උපාධි ලැබූවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩ කාරයෙක්... පොඩි ප්‍රේමසිරි.
අපි නොදන්නා චෙස් මෙයාගේ. RDA එකට අබ සරණයි.