
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ ඉදිරි පෙළ දැන් වාඩි වී ඉන්න ඇමතිවරු එදා හොරු හොරු කියා බැන වැදී ඔවුන් එක්ක වාඩිවී පාර්ලිමේන්තුවේ එකට කෑම කෑ අයුරු තමා දැක ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ ඔයාලගේ කතා අහලා අපිට හිරිකිත වෙලා තියෙන්නේ.ඔයාලගේ දේශපාලන ජන්මය මඩ ගහන එක.ඔයාලා හොරුන්ගෙන් කාපු හැටි අපි කියන්නම්.පිටිපස්සේ කෑ ගහන මන්ත්‍රීවරු පව්. දැන් ඉස්සරහා ඉන්න ඇමතිවරු එදා වංචා දූෂණ ගැන කෑගහලා පාර්ලිමේන්තුවේ දවල්ට කෑවෙ ඒ හොරු එක්ක.
මෙයාලා පිටකොටුවෙ ඉන්න හොරු වගේ.පොකැට් එකට ගහලා හොරකම් කළා කියමින් දුවනවා.හොරු ගැන කතා කරලා හොරුත් එක්කම වාඩිවෙලා එකට කනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලන් උසිගන්වපුවාම බුරනවා බුරනවා ඉවරයක් නෑ.
මෙයා කියන්නේ හොරුත් එක්ක හිටගෙන කන්න කියලා, ඉඳගෙන කන එක හරි නෑ තමයි.
මෙතුමා අර විදේශීය මන්ත්‍රීතුමියගේ ඇඟේ හැප්පුණු ගලි බව්සරේද?
අපි කවදාවත් දැකලා නෑ ඔයා වගේ හොරෙක්.
හොරුත් එක්ක හිටපු කෙනෙක් තමයි මේ කියවන්නේ...
එකට කෑවාට හොරු නොවෙයිනේ හොරා හොරාම තමයි. මාස ගාණකට පුද්ගලයෙක්ව රවටලා කෝටි ගණනකට මන්ත්‍රී කට්ට විකුණනවා නේ...