(සුජිත් හේවාජුලිගේ )
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පක්ෂයේ ඉල්ලීම අනුව ඒ තනතුරින් ඉවත්වීමට එකඟ නොවීම නිසා පක්ෂය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී ඇතැයි වාර්තාවේ.
මුදල් කමිටුවේ සභාපති ධූරයට මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම කමිටු සභාපති ධූරය සඳහා යෝජනා කළේ සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නමය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මයන්ත දිසානායක මහතාගේ නම සභාපති ධූරය සඳහා යෝජනා කළ අවස්ථාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිසානායක මහතාට දුරකතනයෙන් කතා කර එම තනතුර
බාර ගන්නේ දැයි විමසා සිටියේය.
ඒ අවස්ථාවේදී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා එම තනතුර බාරගන්නා බවයි.
පක්ෂය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කිරීමට යෝජනා කර ඇති හෙයින් සභාපති තනතුරින් ඉවත් වන්නේ දැයි කිරිඇල්ල මහතා දිසානායක මහතාගෙන් මෙහිදී පෙරළා ප්‍රශ්න කර ඇති අතර ඒ අවස්ථාවේදී එම තනතුරෙන් ඉවත් වීමට සූදානම් නැති බව මයන්ත ප්‍රකාශ කළේය.
මේ අතර පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මයන්ත දිසානායක මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය කිසියම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැනගන්නට ඇත.
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් හර්ෂ ද සිල්වා මහතා ඉවත් කළේ ඇයි දැයි අප කළ විමසුමකදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඔහු සිය රාජකාරිය හරියට ඉටු කළ හෙයින් තනතුරෙන් මෙසේ ඉවත් කිරීමට කටයුතු කරන්නට ඇතැයි තමා සිතන බවයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මයන්ත මුදල් කමිටුව බාර ගැනීමෙන් සජබේ අර්බුදයක්
Lakmal Saturday, 25 February 2023 10:08 AM
බොරු කියන්න එපා...