(ඉන්දිකා රාමනායක)
යුද සමයේ දී ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා හිමි දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වීම මෙතෙක් පැවති ක්‍රමවේදය බව එම නිවේදනයේ සදහන් වේ.
යම් ආබාධිත සෙබළකු ගේ මියයාම යුද්ධයේදී ආබාධිත වීම නිසා ඇතිවූ සෘජු ප්‍රතිඵලයක් මත සිදු වී නොමැති බවට වෛද්‍ය මණ්ඩලය විසින් තහවුරු නොකළහොත් එම ආබාධිත හමුදා සාමාජිකයා ගේ වැන්දඹුව වෙත වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණ හිමි වු බවද එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීරණය අලුත් තීරණයක් නෙමෙයි... මට මතකයි එය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලේ ගත්තු තීරණයක්...
ඉතාම හොඳ පියවරක්... බොහෝ දෙනෙකුට දැන් ක්‍රමයෙන් අමතකව යන මේ විරුවන් නොවන්නට අප ශ්‍රී ලංකාව මේ වනවිට දෙරටක්. මේ රටෙහිම ජීවත් වෙමින් ඊටම ගරහන, රණවිරුවන්ට අපහාස උපහාස කරන ජඩයින්ටත් රටක් ඉතුරුකර මියගිය, ආබාධිත වූ සියලු රණවිරුවන්ට අප සදා ණයගැතියි...
කාලෙකින් සතුටු හිතෙන ප්‍රවෘත්තියක්..
ඉතාම හොඳ තීරණයක්. මතකනේ ඒ කාලේ... බස් එකකවත් යන්න බයෙන් හිටියේ. රණවිරුවන් තමයි ඒවා ඉවර කළේ... කට්ටියට දැන් ඒවා අමතක වේගෙන යනවා.