(සුජිත් හේවාජුලිගේ )
ඉදිරියේදී රටට නායකත්වය දීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පැවැසීය .
අවස්ථාව ලැබුණහොත් රට වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව පැවසූ රණතුංග මහතා 2015 වසරේදී මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේද තමා යැයි සඳහන් කළේය.
අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය .
"අර්ජුන රණතුංගට සමහරුන් ළඟ තියෙන්නේ ලොකු බයක්.ඒක නිකන්ම නිකන් බයක් නොවෙයි .දේශපාලන බයක්.මොකද මම ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියලා සමහරුන්ට බයක් තියෙනවා. ඉම්රාන් ඛාන් කෙනෙක් ඕන නම් මට ඒක වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන්ට ඕන නම් එහෙම වුණාම මොකද වෙන්නේ.ක්‍රීඩාව කරනකොටත් දේශපාලනය කරන කොටත් මම හරි දේ කළා.හොරකම් කරන්න දුන්නේ නෑ. කරන්න දීපු ආයතන සුද්ද කළා. "
" මට අවස්ථාව ලැබුණොත් රට හදන්න එනවා.මම මෙච්චර කල් බෙල්ල දෙන්න ආවෙ නෑ. මේ ක්‍රීඩාවෙන් එළියට ගිහිල්ලා මම බෙල්ල දෙන්න එනවා. මම මේ දක්වාම හිතුවේ මේ රටේ ඕනෑතරම් නායකයෝ ඉන්නවා කියලයි.නමුත් මට දැන් පේනවා මේ රටට ආදරය කරන නායකයෝ නැහැ කියලා. රටට ආදරය කරලා රට හදන්න එන නායකයෝ "
" ඒ වගේම මම තවත් දෙයක් කියන්න ඕන. මේ වැටිල තියෙන ක්‍රිකට් හදන්න මට ඕන මාස හයයි. කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න බෑ .මම කරල පෙන්නනවා. මට ඒකට සහයට හොඳ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් ඕන . සනත්ලා ඉන්න ඕන අරවින්දලා ඉන්න ඕන . මම මහේලට කියනවා කණ්ඩායම අරගෙන කරන්න කියලා .එයාට බොම්බේ කරන්න පුළුවන් නම් ලංකාවට ඇවිල්ල කරන්න බැරි ඇයි.සංගක්කාරට කියනවා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්යක්ෂ වෙන්න කියලා.අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕන.එයාලට ඒක දීලා බලමු. දැන් ඒවා කියවනවා විතරයි. චමින්ද වාස්ට කොච්චර ප්‍රශ්න ආවද . අන්තිමේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ දොර ඇරියේ නෑ ඒ ළමයාට ගිහිල්ලා ප්‍රශ්නේ කතා කරන්න.ඒ මේ රට නියෝජනය කරපු ක්‍රීඩකයෝ. ටෙස්ට් මැච් සියයක් ගහපු ක්‍රීඩකයෙක්. එහෙම කරලා කොහොමද මේක දුවන්නෙ."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක් වුණේ ඇත්තටම බෝලෙ ගියාම කරපු වැඩේ.
නැතුවට කමක් නැහැ.
ඉම්රාන් ඛාන් යනු අප පාසල් අවදියේ සිට පාකිස්ථානය නියෝජනය කළා මෙන්ම නායකත්වය දැරූ ක්‍රීඩකයෙකි. අර්ජුන රණතුංග, ඉම්රාන් ඛාන්ට මුවාවී සැඟවුණු අමුත්තා වීමට සූදානම් වුවද රටේ ජනතාව ඔහු පිළිබඳව සහ ඔහු නියෝජනය කළ දේශපාලන පසුබිම හොඳින් දනී. ඔහු අවස්ථා ගණනාවකදී කල්යල් බලා ඔහුගේ වාසියට පැති මාරුකිරීම කරන්නා වූ තවත් එක දේශපාලකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට පින්සිදු වන්නට ප්‍රධාන පක්ෂ සමග එක්ව ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ බොහෝ අවස්ථාවන්හිදී සභා ගැබ තුළදී සුව නින්දකට හිමිකම් කියන මන්ත්‍රීවරුන්ගෙන් ඔහු තවත් එක් මන්ත්‍රීවරයෙකි. අර්ජුන රණතුංගට ලංකාවේ ඉම්රාන් ඛාන් කෙනෙකු වීමට නොහැකි බව ඔහු තේරුම් ගත යුතුවේ. එයට හේතුව නම් පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ට සහෝදර සමාගමක් නොමැත. සහෝදරයන් හට දුෂණ චෝදනා හෝ කප්පම් ගැනීමේ චෝදනාද එල්ල වී නොමැත. එමනිසා අර්ජුන රණතුංග ඔබ අඳුරේ අතපත ගෑවද රටේ ජනතාව ඔබ කරන කියන දේ හොඳින් පෙනේ. කෙසේ නමුත් කිව යුතුවන්නේ අර්ජුන රණතුංගට සමහරුන් ළඟ තියෙන්නේ ලොකු බයක් බව ඔහු සිතා සිටියද, අර්ජුන රණතුංගට කිසිවකු බිය වීමට හෝ අර්ජුනට කිසිවකුට බියවීමට කාරණයක් නොමැත.
2024 දී පොදු අපේක්ෂකයින්ගෙන් පොදු අපේක්ෂකයකු තෝරාගන්න වෙනබවක් පේන්නේ...
අපි දන්නවා රණතුංගලාගේ කෙරුවාවල් ඔක්කොම. බොරු ශෝභන නොදා ඉන්න. කාලයක් අලි ඔලුවෙන් හිටියේ. පේරාදෙණියේ මල්වත්ත බලන්න ගිහින් ටිකට් කවුන්ටරයේ අයට ඔයා ගාවට ටිකට් අරගෙන එන්න කියලා අණකරපු ක්‍රිකට්කාරයා. සිංහරාජයේ කැලෑව මැද අනවසරයෙන් විදුලි බලාගාරයක් හැදුවේ අපිද? ඔය වගේ ජඩ වැඩ ගොඩක් කරලා දැන් එනවා රටේ නායකත්වය ගන්න.
නැහැ නැහැ.. ඒවා අපි බලාගන්නම්...!!!
ඔයාගෙත් සහෝදරයෝ ප්‍රමාණය වැඩියි. රාජපක්ෂ පවුලට දෙවෙනි වෙන එකක් නැහැ. අපි දැක්කනේ වරායට, ඛනිජ තෙල් සංස්ථාවට වූ දේවල්. ඒ නිසා මම යෝජනාවක් ගේනවා. ඔයා හොදයි ක්‍රිකට් වලට නායකත්වය දෙනවා නම්. කියලා...
කාලෝචිත අදහසක්.
රට හදන්න පුළුවන් පාටලී චම්පික රණවක මැතිතුමා ට විතරයි
රටෙහි නායකත්වය කෙහොම වුනත් ක්‍රිකට් එක නම් බාර දිය යුතු එකම පුද්ගලයා මෙයා විතරයි . වහාම එය කරන්න .
ජාවාරම්කාරයන් සහ ඔවුන්ට සහාය දෙන දේශපාලන අධිකාරිය මෙයට ඉඩදෙන එකක් නැහැ.
මෙච්චරයි දැන් අපිට අඩු
කොහොම වුනත් මගේ නම් පැතුම නැවතත් මේ ධර්මද්ධීපයේ නූපදිත්වා කියන එක තමයි. මම නම් ඉන්නෙ ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුල එතරම්ම කලකිරීමෙන්.මේ රට ඉතා දූෂිතයි.පව් මේකද අපේ රට.
හොඳ තීරණයක්... නැතිනම් අපේ ක්‍රිකට් නැත්තටම නැතිවෙයි.
ඒ කියන්නේ රණතුංග පවූලත් (බොහෝවිට ප්‍රසන්න ඇරෙන්න) රජවෙන්න සූදානම් කියන එකයි. අර්ජුන ඇමැතිවුණු හැමතැනම සංස්ථා සභාපති වුණේ අයියා ධම්මික. ඒ නිසා ජනාධිපති අර්ජුන ගෙනියන ආණ්ඩුවේ අගමැති වෙන්නේ ධම්මික. රුවන් සහ සංජීව මල්ලිලාටත් මොනවා හරි දෙනවාමයි. අම්මා වරායේ උපදේශිකාවක් වුණා වගේ ජනාධිපති උපදේශිකාවක් වේවි. නෝනා විතරයි මොකටවත් නැත්තේ. එයා ආවොත් කරදර නිසා වෙන්න ඇති. අන්තිමට බැලුවාම අපේ 1947 පසුපාලන තන්ත්රය රජ කාලේ වගේමයි, පවුල් පාලනය තමයි ඉහළින්ම සිටින්නේ. සේනානායක, බණ්ඩාරනායක, ජයවර්ධන, වික්‍රමසිංහ, විජේවර්ධන පවුල් ගහ, ගාමිණී දිසානායක සහ පුතුන්, ප්‍රේමදාස පිය පුතු දෙපල, ඒ මදිවට විජේවීර මදිවට දැන් ඔහුගේ පුතා... ඔය අස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති (ආණ්ඩු සහ විරුද්ධ පක්ෂවල) කීදෙනෙක් තමන්ගේ අයව පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට රිංගවලාද? අන්තිමේදී අර්ජුන මේ ටිකම රාජපක්ෂ පවුල වගේම පැටව් ගහවි. පවුල් පාලනය රටට යහපතක් වුණු කාලය දැන් ඉවරයි. එහෙම යහපතක් වුණේ යුද්ධය කාලයේ. ඇත්තටම ගෝඨා සහ බැසිල් දෙදෙනා මහින්දට ශක්තියක් වුණා වගේම රටෙන් යුද්ධය තුරන් කරන්න හොඳ එකමුතුවක් වුණා. නමුත් දැන්? අර්ජුන ආවත් එච්චරයි.
යුද්ධ කරන කොට කකුලෙන් ඇදපු, දිනුම ඔන්න මෙන්න වෙලාවේ අයවැය පරද්දලා ආණ්ඩු පෙරළන්න හදපු, ජිනීවා ගිහින් රට පාවා දීපු, රණවිරුවන් බල්ලට දාපු, හාමුදුරුවන් හිරේ දාපු, ශාලාව වනසපු, බැංකුව නැති කරපු, ජාතික ආරක්ෂාව බිංදුවට දාපු මේ රටට හතුරු විපක්ෂය අතෑරලා එන්න. අපේ ඡන්ද ශුවර්...
කියන කතාව සහතික ඇත්ත...
ඉම්රාන් ඛාන් මහතා ලංකාවට පැමිණි වෙලාවේ අර්ජුන මහතාට කළ ඉඟිය එතුමා ප්‍රමාද වී හෝ තේරුම් ගැනීම සතුටක්.. අනිවාර්යෙන්ම ඔබ වැනි යමක් කළ හැකි කෙනෙකුගේ සේවය ලංකාවට අවශ්‍යමයි.
ඔබතුමා යහපාලන ඇමතිකම් කරපු කාලේ පවුලේ අය හිටියේ කොහෙද කියලා රටම දැක්කා.
අපි ඉස්කෝලෙ යන කාලෙ මම මහත්තයා කියලා කෙනෙක් උන්නා. මොකද මිනිහගේ නම අහපුවාම එයාම එයාගේ නමට මහත්තයා කියලා කෑල්ලකුත් දාලා තමයි නම කියන්නේ. මේ ප්‍රවෘත්තිය කියවද්දී මම මහත්තයා මතක් වුණා.
එතකොට ධම්මික රණතුංග තමයි අගමැති... අපි නොදන්න අර්ජුන...
අපිට මතකයි වරාය අධිකාරියේ ඇමැති ඉන්න කාලේ නටපු නැටිලි සහ ගහපු ගැහිලි... රට බාරදුන්නොත් කවර කතාද?
අවුරුදු 5ක් තමුන්ගේ ආණ්ඩු නේද තිබුනේ මහත්තයෝ...? නිකම් බොරු බයිලා ගහන්න ඕනෑ නෑනේ නේද බලය තියන කාලේ වැඩ කරා නම්... ඒ කාලේ තමයි ක්‍රිකට් විනාශම වුනේ...
ඔබ රටට වගේම.., ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අවශ්‍ය මොහොතයි මේ..
ඇති යාන්තම් මිනිහෙක් ඉස්සරහට ආවා. දැන් ඉතින් මාධ්‍ය හමු තියයි.
හරි බන් එළ..!!!
දියසෙන් කුමාරයා?
පිස්සු නැත්තන් හොඳයි හා හා...
පුද්ගලයෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ...
පාස්කු බෝම්බෙන් එකෙක් ගොඩගියා... දැන් වල්මත් වෙලා තියෙන ක්‍රිකට්වලින් තව එකෙක් ගොඩයන්න හදනවා. අහෝ ශ්‍රී ලංකාව.
නායකත්වය කෙසේ වෙතත් මොනවා කරාවිද කියලා කවුද දන්නේ? අසෝක විද්‍යාලයේ ක්‍රිකට් සෙල්ලම් කරපු ළමයින්ට බැට් එකෙන් ගහලා ඔලු, කණ් පැලුවා මතක නැද්ද?
මෙන්න තවත් චාලි චැප්ලින් කෙනෙක්.. හා හා හා ..
පුළුවන් නම් රණතුංග සහෝදරයන්ට තියෙන දූෂණ, චෝදනාවලට උත්තර දීලා එන්න.
අවස්ථාවක් දුන්නොත් මාත් එනවා.. මේ රටේ ඉන්න ඕනෙම කෙනෙක් එනවා. මේ රටේ ඉන්න බහුතරයකට ඕක මහ කජ්ජක් නෙවෙයි. 47 ඉඳන් හිටපු කට්ටිය දිහා බැලුවාම අවාසනාවට අපි කැමැති වුණාට මිනිස්සු කැමැති වෙයිද? දන්නේ නැහැ. කැම්පස් එකේ කොල්ලෙක් කිව්වලු 50% ක් ආදරේ හරි කියලා.. ඉතින් ගැහැණු ළමයි ඒ ගැන දන්නේවත් නෑ. ඒවගේ මේ සුරංගනා කථාවලත් අපි ඔක්කොම රජවරු...