(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට වාසිය හිමි නොවී තමන් තේරී පත් වූයේ නම් මෙරට අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
තමන් ඇතුළු කණ්ඩායම හඬනැගුවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මිස සර්ව පූට්ටු ආණ්ඩුවක් වෙනුවෙන් නොවන බව කී ඩලස් අලහප්පෙරුම මහතා පවතින අර්බුදය විසඳාගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගැනීම ඉතා වැදගත් බව ද සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් විපක්‍ෂයේඅ අසුන් ගැනීමට වුවත් තම කණ්ඩායම පැකිලෙන්නේ නැතැයි ද අලහප්පෙරුම මහතා කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට එහෙම වුනේ නැත්තේ. ඉඳුරුවේ ආචාරියා වගේ වැඩ කරන කෙනෙක් අපට එපා.
ඔයාට යටින් සහයෝගය දීපු අයගේ හැටියට ඔයා දිනුවනම් උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් දෙන්නත් තිබුනා.
ඒක කොහොමද පොහොට්ටුවේ ඩීල් කාරයෝ ඉන්නකන්.
ඒ කියන්නේ ජනාධිපති කමත් පුස්සක් කරනවා
අනේ මොකට කියන්නද. අරගලය කියාගන්නා අපතයින්ට. කොටි ඩයස්පෝරාවට ලස්සනට කඩේ ගියා. තමුන් අපි හිතපු ඩලස් නෙවෙයි එකට ඉදගෙන වැඩේ දීලා දැන් සුදන වෙන්න හදනවා.
ඔහොම කියාගෙන ආව කී දෙනෙක් මේ රටේ හිටියද දෙයියෝ.
ඔයත් ඉතින් වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි. යුද්ධේ දිනන්න බෑ කියලා තවලම් ගිය කෙනානේ ඔයා.
සුරන්ගනා ලෝක මවලා ජනතාව ගොනාට අන්දලා බලයට ආපු දූෂිත නායකයොත් හිටියා ,. කියනකොට එහෙමයි .බලය අතට ආවාට පස්සෙ කරපුවා ලෝකෙම දැක්කා.
" අට වන ජනාධිපති " හැබෑටම බලන්නකෝ ඒ වචන තුනේ ගැලපීම.
පතෝල වැඩකොලු හොඳත් නෑ නරකත් නෑ
රටේ ශ්‍රීලනිප ප්‍රමුඛ විරුද්ධ පක්ෂයේ පැවැත්මට මෙතුමා ඉදිරිපත් වීම අත්‍යාවශ්‍යව තිබූ අගය කළ යුතු කාරණයක්. පැරදුණත් රටේ අනාගත පැවැත්මට ඉදිරිපත් වීම මහෝපකාරී ක්‍රියාවක්. හැබැයි මෙතුමා ඡන්දය දිනා අටවන ජනපති වුණානම් අගෝස්තු මස නවවන ජනපති පත්වන ඡන්දයකුත් තබන්නයි වෙන්නෙ.
එතුමා පත් උනේ නැති එක රටෙ ස්තාවරත්වයට හොදයි කියලයි මට හිතෙන්නෙ. මොහුට රනිල්ට වගෙ තද තීරන ගන්න බැහැ.
ඩලස්ට දැන් රාජපක්ෂල ගැන තේරිලා ඇති. එදා මහින්දව ජනාධිපති පුටුවට ගෙනාපු මංගල සහ ශ්‍රීපති සුරියාරච්චිටත් පයින් ගැහුවා. සරත් ෆොන්සේකා මහතාටත් ඔය වැඩේ කළා. ඩලස් ඔබ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අවංකව දේශපාලනය කළා. නමුත් රාජපක්ෂ පාලනයතුල ඔබ මාධ්‍යට එවින් ඔවුන්ගේ කුණු සේදුවා. ඔවුන්ගේ වංචා, හොරකම් සේරම සාධාරණය කළා. දැන් ඔබට මේවා පාඩමක්.
ඔව් ඔව්.. අටව අටව ඉන්න තිබුන එහෙනම්.. අපි නොදන්න අටවන....
ඉස්සෙල්ලම ඔය ලැජ්ජ නැති බඩ හදාගන්නකෝ....
ජාතියේ වාසනාවට එහෙම නොවුණේ පළාත් සභා සක්‍රීයව පවතිද්දී විධායකය කියන කණුවෙන් තමයි පළාත් සභා ගෙට ගැහිලා තියෙන්නෙ. ඒ වගේම රටේ අරාජිකභාවය හෝ ස්ථාවරභාවය රැඳෙන්නෙ විධායකයෙන්. අපි කළ යුත්තේ දක්ෂයෙක් විධායකයට පත් කිරීම මිස, අදක්ෂයන් ලවා විධායකය දුර්වල කිරීම නොවෙයි. හැමෝම ආසයි මරණාධාර සමිතියක හරියි තනතුරක් ගන්න. කොහොම වුණත් මේ ආපු කෙනාට සහාය නොදීම කූහකකමක්. දැන් හැමෝම මේ ව්‍යවස්ථානුකුල ජනාධිපතිවරයාට සහාය දිය යුතුයි.
බුදු අම්මෝ ඔයින් ගියා මදැ, දින්නානම් තමයි වැඩේ. ඒක වුණේ නැත්තේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ වාසානවට. මොහු දින්නාම් උණ හැදිලා ඉන්න මිිස්සුන්ට උණ සන්නිපාතේ හැදෙනවා.. පුළුවන්නම් කරන ලොකුම උදව්ව තමයි ගෙදර යන එක.
මෙන්න වැන්දා... දකුණු කකුල පෙරට තබන්න.
ශ්‍රී ලංකාව වැනි අවස්ථාවාදී,ජාතිවාදි දේශපාලන පක්ෂ සමග දියුණු පාර්ලිමේන්තු ක්‍රමයක් පවත්වාගෙන යානොහැකි වේවි! ජනධිපති ක්‍රමය ක්‍රියාත්මක කලයුතුයි. විසදුම ස්වාධීන ආයතන බලාත්මක කිරිමයි! පලාත් සභා අහෝසි කලයුතුයි!! පුළුල් ප්‍රාදේශීය සභා ක්‍රමයක් ඇති කලයුතුයි!! රටක් සංවර්ධන තුළින් ජාතිවාදී ආගම්වාදීන් බිහිවීම තුරන් වෙවී!!!
කණ්ණාඩියක් ළඟට ගිහින් බලන්න ඔයාට පෞරුෂත්වයක් තියෙනවද කියලා... නායකයෙක් වෙන්න. නිකන් විහිළු කතා නොකියා ගිහින් වැඩක් බලා ගන්න.
ජීවිතේට දිනන්නෙ නැහැ