(හර්ෂණ තුෂාර සිල්වා)
“ මම කියන දේවල් පිළිගන්න අය යැ මේ ආණ්ඩුවේ ඉන්නේ ?” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (6) පස්වරුවේ ප්‍රකාශ කළේය.
මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී කඳු නොකපා පරිසරය ආරක්ෂා කරමින් එය ව්‍යාපෘතිය කළ යුතු ආකාරය තමන් පැහැදිලි කළ ද මහත්වරු දෙදෙනකු එය නොපිළිගනිමින් කඳු කපමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බව ද ජනාධිපතිවරයා කීය.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචනා කළ ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය වන ‘වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා එම කෘතිය සිංහල බසට අනුවාදනය කර තිබේ.
එහිදි තවදුරටත් උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“කඳු කපලා අලුතෙන් අධිවේගී මාර්ග දාගෙන යන බව වික්ටර් අයිවන් මහත්තයා ඔහුගේ දේශනයේදී කිව්වා. මම ජනාධිපති වගේම පරිසර ඇමති කියලා තමුන්නාන්සේලා දන්නවනේ. මහනුවර අධිවේගී මාර්ගය පටන් ගන්න කලින් කොළඹ ලොකු මහත්තයටයි නුවර ලොකු මහත්තයටයි දෙන්නටම මම කිව්වා කඳු කපන්න එපා කියලා. මම ඉංජිනේරුවරයෙක් නෙමෙයි. ඒත් පරිසරයට ආදරය කරන කෙනෙක් හැටියට විශේෂයෙන්ම කඳු කපනවට විරුද්ධ නුවරට යන අධිවේගී මාර්ග හදන්න ඕනේ විදිය මම දන්න විදියට කියලා දුන්නා.
වික්ටර් අයිවන් මහත්තයා, අවුරුදු තුනකට කලින් මම කිව්වේ මෙහෙයි. කොළඹ ඉඳන් අඹේපුස්ස පැත්තෙන් කුරුණෑගලට යන්න අධිවේගී මාර්ගය හදන්න. කඳු කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුරුණෑගල ඉඳලා නුවරට යන්න අදත් යන්නේ විනාඩි 35යි. ඒ හින්දා කඳු මුකුත් කපන්නේ නැතුව කුරුණෑගල ඉඳලා නුවරට යන පාර හොඳට ලොකු කරලා හදන්න කියලා මම කිව්වා. ඉතිං අර මං කියපු මහත්වරු දෙන්නම මම කිව්ව දේ පිළිගත්තේ නැහැ. ඉතිං තවම කරනවා. මම කියන දේවල් පිළිගන්න අය යැ මේ ආණ්ඩුවේ ඉන්නේ ? ඉතිං ඒක එහෙම තමයි”.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල ඉඳලා නුවරට දැනටත් විනාඩි 35න් යන්න පුලුවන් අපිට නෙමේ. ගාඩ් දාලා පාරවල් වහලා පාරවල් ක්ලියර් කරගෙන ඉගිලෙන ඔහේට නම්...
පහුගිය ඔක්තෝබර් මාසේ 26දාත් කියනදේ ඇහුවේම නෑ.
ජනතාව කියන දේවලුත් ඔබ පිළිගන්නේ නැහැනේ...
කුරුණෑගල ඉඳලා නුවරට යන්නට දැන් පැයකට වඩා ගතවෙනවා. මෙතුමා සඳහන් කල පරිදි දැනට පවතින මාර්ගය මන්තීරු 4කට පළල් කලොත්, ගමන් කාලය පැය භාගයකට පමණ අඩු කර ගත හැකියි. නමුත්, මේ පැරණි පාර පුළුල් කිරීම සඳහා දැනට පාර දෙපස ජීවත්වෙන උදවියට වන්දි මුදල් ගෙවන විට එය වියදම් අඩු විකල්පයක්ද යන්න සැක සහිතයි.
ගරු ජනාධිපතිතුමනි ඔබ මා ඇත්තෙන්ම ගරු කරපු පුද්ගලයෙක් නොවෙයි. නමුත් මේ මෑතක සිට ඔබතුමාගේ ක්‍රියාකාරකම් විනිවිදභාවයෙන් අපි දකින්නෙමු. අපට දැන් යථාර්තය තේරුම් ගොස් තියෙන්නේ. මොකද එන්න එන්නම ඔබගේ සේවාවන්වල ගුනදායි පැත්තක් අපි දකිනවා. එය ශ්‍රී ලංකාවේ රටවැසියෙක් හැටියට මා ආඩම්බරයෙන් යුතුව පවසනවා.. එය හොඳ ලක්ෂණයක්... නමුත් මීට පෙර හිටි පාලකයන්ගෙන් මහින්ද රාජපක්ෂ හැරුණුවිට මේ රටට යම් සේවයක් කරන පුද්ගලයා ඔබයි බව අපට වැටහෙනවා.. ඔබ පවසා තියෙනවා මේ ආණ්ඩුව ඔබට කීකරු නොමැති බව, ඇත්ත එසේ ඔබගේ අනසකට යටත් නම් මීට වඩා ප්‍රගතියක් රට තුළ දැකියහැකි බව වැටහෙනවා. නමුත් ඉදිරියේදී ඔබ හොරුන් සමග අත්වැල් බැඳගතහොත්, ඒ කියන්නේ (පොහොට්ටුවත් සමග) ඒ ඔබට ඇති කීර්තිනාමයෙන් ඵලක් නැතිවෙයි. එ් නිසා ඔබ යන ගමන යන්න තනියම අයින්කරන්න මහින්ද සහ රනිල් යන දෙපල, යන්න තනියම ඉදිරිය අනිවාර්යෙන් සුබවෙයි.
වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් වන මට මෙතුමාගේ මෙන්ම වික්ටර් අයිවන් මහතාගේ කතාව විහිළුවකි. මෙම මාර්ගය සඳහා සාක්‍යතා අධ්‍යන කලේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලේ. ඒ සඳහා විශාල මුදලක් වියදම් කලා. නැවතත් මහින්ද රජයෙන් එම මාර්ග වෙනස්කර කුරුණෑගලත් සම්බන්ධ කරමින් මෙම මාර්ගය ඉදි කිරීමට තීරණය කළා. පස් කඳු නොකපා මහනුවරට පාරක් සැදීමට නම් එය අඩිපාරක් මිස අදිවේගී මාර්ගයක් විය නොහැකියි. කඳු කැපීම අවම කර මාර්ගයට අවශ්‍ය ඉඩම ලබාගැනීම මාර්ග සැලසුම් කරණයේදී අනිවාර්යයෙන් කරනු ලබයි. පස්වලින් පුරවා මාර්ගයට අවශ්‍ය උස ලබාගැනීම වෙනුවට විශාල වියදමකින් කොන්ක්‍රීට් කුළුණු මත දැනටමත් මෙම මාර්ගය ඉදිකිරිම බොහෝ ස්ථානවල දැකිය හැකියි. බල්ලන්ගේ වැඩ ගැන බූරුවන් අදහස් දැක්වීම කනගාටුදායකයි.
දැන් ඉතින් ආණ්ඩුව කියන දේවල් ඔබතුමා පිළිගන්නෙත් නැහැනේ.
ජනතාවනම් හරිම අසීරුවෙන් ජිවත් වෙන්නේ. ගොවියෝ කම්කරුවෝ අනාත වෙලා.
ඔබතුමා මහින්දගේ නැට්ටේ එල්ලුණාම අපිට ඉතින් ඡන්දය දීපු එක ගැනත් දුක හිතුණා. UNP කාරයෝ කොහොමත් විශ්වාස කරලා නෙමේ අපි වගේ මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ. 2015 අනිවාර්යයෙන් වෙනසක් වුවමනා වුනේ මහින්ද මහත්තයාගේ වරදක් නිසා නෙමේ. එයාගේ පවුලේ අයගේ ආගමනය හොඳටම වැඩිවුණා. දළදා මාලිගාව වටේට කාර් රේස් පදින්න තරමට එයාලගේ වැඩ පිළිවෙල පිරිහුණා.. එයාව වැට්ටුවේ එය වටේ හිටපු පවුලේ කිහිප දෙනෙක්... මේවා අපිට වඩා ඡන්දෙදි රස කර කර කිව්වේ ඔබම නේද? දැන් ඉතින් ඔබ කියන කතා අහන කට්ටිය ආණ්ඩුවේ වගේම ලොවෙත් නැහැ. පොහොට්ටුව කවද හරි ඔබට මතක හිටින පාඩමක් උගන්වයි...
ලංකාවට නිදහස ලැබී අවුරුදු 30 යි කියපු , ජාතික ගීය වාදනය වෙනකොට අතපය ඔසවන කෙනෙක්ගෙන් අහලා උපදෙස් අරගෙන කලොත් නියමෙට හිටී ?
ආණ්ඩුවේ විතරක්ද, රටේ වත් නැහැ ජනාධිපති තුමෝ!!!