(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කුමන්ත්‍රණකාරයෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළත් තමා එවැනි කුමන්ත්‍රණකාරයෙකු නොවේ යැයි හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
රන්ජන් රාමනායක මහතාගේ සී.ඩී තැටි පොලිසිය මගින් භාරගෙන ඇතැත් දැන් ඒවා පොදු දේපල වී ඇතැයි කී වික්‍රමසිංහ මහතා ඒ දේවල් පොදු දේපලක් වී හැම තැනම විකාශය වන බවද කීය.
එම නිසා ඒ සියලුම සී.ඩී තැටි පොලිසිය මගින් භාරගෙන තමා වරදක් කර තිබේ නම් එය හෙළි කරන ලෙසද හෙතෙම කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේ සභා ගැබට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසු ඉවත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියනවද? මම ශුද්ධවන්තයා. හඬපට වලින්ම ඒක පෙන්වලා තියෙනවා. ඉදිරියේදී තව මොනවා එයිද කියලා හිතාගන්නවත් බැහැ. රංජා කියන්නේ නිකම් නොවෙයි කියලයි දැන් නම් හිතෙන්නේ...
අර ප්රභාකරන් එක එක්කෙනා අතේ එවපු ලියුම්වල විස්තර එහෙමත් එළියට ආවොත් තවතව ප්‍රකාශ කරයි නේද?
අසව්!... අසව්!...
පක්ෂය මෙහයවන ආකාරයෙන්ම තේරනවා කුමන්ත්‍රණයක් බව. මම තමයි නැවතත් අගමැති කියලත් සහ MCC ගිවිසුම කරලියට ගෙනැල්ලා එකට ඉඳන් සජිත්ට කුමන්ත්‍රණය කළා. මහ බැංකු වංචාව යටපත් කරන්න තමාගේ මිතුරන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා වාර්තාවකුත් සකස්කළා. විශ්වාස භංගයේදී නායකත්ව මණ්ඩලය කියමින් පාක්ෂිකයින් රැවැට්ටුවා. ඉතින් කුමන්ත්‍රණයක් නොවේද?
මොහුට චම්පික එදා කිව්වේ ‘‘දොන් ජුවන් ධර්මපාල කියලා..ට නම් හිතෙන්නේ ඒක මෙයාට හොඳ වැඩියි කියලා. එජාපයත් ඉවරයි.
අම්මපා දැන්නම් ස්ථිරයි. මේ අපේ තුන් ලෝකෙටම උගතා නොහොත් සූත්තර පුංචා කතා කරන්නේ වසුරු පිටකරන පැත්තෙන් කියලා. මේ අයද මේ රටේ දෙවෙනි පුරවැසියා හැටියට අපේම දුප්පත් මුදල්වලින් මෙතෙක් කල් ජීවිතේ ගෙනියන්නේ.
අනේද කියන්නේ?
කුමන්ත්‍රණ කාරයෙක් නෙමෙයි, කුමන්ත්‍රණ රජෙක්... ඒ කාලේ ඒවා පිළිගන්න සාක්කි නොතිබුණාට දැන් ඕනෑවටත් වඩා තියෙනවා.
ඔබ මේ රට ඇමෙරිකන් කාරයින්ට විකුණන්න කුමන්ත්‍රණය කළා...!!! මේ ආණ්ඩුවේ ඉන්න හොරු අල්ලන්න නොදීපු එකටත්... පාවාදෙනවනේ...
නැහැ.... හරිම පිරිසිදුයි. අපි ඉපදුණේ ඊයේ...
පුද්ගලයෙක් ජීවත්ව සිටිනතාක් ඔහුගේ කටහඬ කිසිවෙකුටත් විකුර්ති කළ නොහැක. අදාල අයගේ හඬ සමග, තැටිවල හෝ හඬ පටිවල හඬ සමග සමාන්තර වොයිස් පටිගත කර ඩීඑන්ඒ හා සමාන පරීක්ෂණයකින් සත්‍ය අසත්‍ය භාවය සොයා ගත හැකි නිසා, තවත් තර්ක නොකර, අදාල අය සත්‍ය ප්‍රකාශ කර යම් සහනයක් ඉල්ලීම සුබයි.
කුමන්ත්‍රණකාරයෙක් කිව්වට ඇත්තටම දේශපාලන වශයෙන් මෝඩයෙක්... මිනිහා ගහපු ගැටවල මිනිහාම පැටලිලා වැටුණු පුද්ගලයෙක්...
සිදුවූ දේවල් සත්‍ය දේවල් කියලා දැන් කාට කාටත් තේරෙනවා නේද?
තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාවේ මෙතුමාගේ රජයෙන්. මෙතුමා ගේ කතාව නිවැරදියි." තමා වරදක් කර තිබේ නම් එය හෙළි කරන ලෙස" දන්වයි. තේරුම් ගන්න නායකයෙකු සතු නිර්භීතකම සිංහයකුට මෙන් අවශ්‍යයි කියන දේවත් .
‘‘මම කුමන්ත්‍රණකාරයෙක් නෙවෙයි‘‘ එතකොට පාර්ලිමේන්තුවේ කීවේ ඒයා රජයේ නිල තුවක්කුවෙන් චිත්‍රපටියකට පුහුණු වෙනවා කියලා. ඊට පස්සේ රංජන්ට කීවේ මිස් ෆයර් එකක් උනා කියලා කියන්න කියලා ඒවා කුමන්ත්‍රණ නොවෙයිද?
ගලේ වසුරු කළ බළලා වගේ පස්ස උලා ගන්න බැරුව දඟලනවා.
රටේ ජනතාවගෙන් 85% රනිල්ට කැමති නැත ,
මට රනිල් ගැන අල්පමාත්‍ර හෝ ප්‍රසාදයක් නැහැ. හැබැයි ඔය කුමන්ත්‍රණ චෝදනාව ඔහුට එල්ල කරපු මහින්දානද ගැන තියෙන්නේ පිළිකුලක්. මේ චෝදනාව හරියට මීතොටමුල්ලේ කුණු කන්ද පාරේ තියෙන කුණු බක්කියකට දොස් කියනවා වගෙයි.
ලංකා මාතාවගේ කුසේ ඉපදී ඇයගේම කිරිබි හැදුනු වැඩුණු ලක්මවගේ දරුවන් මෙසේ නීචයන් ලෙස හැසිරීම පිලිබදව් ඇය මොනතරම් නම් දුක් වෙනවාද කනගාටු වෙනවාද යන්න අමුතුවෙන් කිව යුතු නැත.
ඔබේ කාලය ඉවරයි. කරුණාකරලා තරුණ ජවයට ඉඩදීලා වියපත් පරිණතයකු විදියට ගෙදර යන්න.
හපෝයි ඔව් කිසිම කුමන්ත්‍රණයක් කරලා නෑ .....
අනේද කියන්නේ . කිසිම කුමන්ත්‍රණයක් කරලා නැහැ. හැබැයි කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගිහින් කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියල අහලා ඇතිනේ. හැමදා නියං එකදා වැහි වළාවේ.
ද සිල්වා මහත්මයාණෙනි. 85%ක් ජනතාව කැමති නැහැ කියලා සඳහන් කළාට ලංකා ඉතිහාසයේ වැඩිම මනාප හිමි වාර්තාව අදටත් හිමි කාටද කියලා හොයා බලන්න. ඔබගේ දැනුම අකුරු පුවරුවේ හිතේ තියෙන දෙය කොමෙන්ට් කරන විතරද?
කුමන්ත්රණයේ සංකේතය රනිල් බව අපි දන්නවා.
මම කුමන්ත්‍රණකාරයෙක් විතරක් නෙමෙයි. ඒ අහිංසක ළමයි දැන් හීනෙන් ඇවිල්ලා මාව අපායට ඇදගෙන යනවා. අනේ මට දැන් බයයි. ඒ කාලේ කළ අපරාධ මතක් වෙන කොටත් බය හිතෙනවා. අනේ මාව බේරගන්න. "කරන කලට පව් මිහිරිය මිනි සේ" "විඳින කළට දුක් දැඩි වෙයි ගිනිසේ" මචෝ මේකට තමයි කියන්නේ කර්මේ කියලා...