IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මිනීවල පුළුල් කිරිමෙන් හමුවූ සිරුරු 288 දක්වා ඉහළට

රොමේෂ් මධුෂංඛ
 
මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවත් අද (8) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවත් කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනීවලේ කැනීම් අද (8)  126 වැනි දිනට සිදු කෙරෙන අතර මේ දක්වා හමු වූ සිරුරු 288 න් සිරුරු 178 ක් වෙන් කර මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කර ඇති බවට වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිනීවල පිහිටා ඇති අතර එහිදී දෙවැනි වතාටත් සමූහ මිනීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට  පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු අරඹා ඇත.

මේ අතර සමූහ මිණීවලේ මිනිස් ඇටසැකිලි එකපිට එක පිහිටන සේ සිරුරු හමුවීම මිනීවලේ කැනීම් කටයුතු ආරම්භක අවස්ථාවේ සිට හමු වූ බවටත් සිරුරුවල සාම්පල මේ මස අවසන් වීමට පෙර ඇමෙරිකාවේ ෆොරීඩාහි පිහිටා ඇති රසායනාගාරය වෙතට රැගෙන යාමට සූදානමක් ඇති බවටත් ඇමෙරිකාවට රැගෙන යාමෙන් පසුව සති දෙකක කාලයක් පුරාවට පරික්ෂණ සිදුකර වාර්තාව ලබා ගැනීමට පියවර ගෙන ඇති බවටද විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබිණි.



අදහස් (0)

මිනීවල පුළුල් කිරිමෙන් හමුවූ සිරුරු 288 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site