(කීර්ති ප්‍රනාන්දු )
මිනුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ ප්‍රදේශවලින් මී උණ රෝගීන් 18 දෙනෙකු සහ එක් රෝගී මරණයක් වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් සමරසේකර මහතා පවසයි .
මෙම රෝගීන් සහ මියගිය පුද්ගලයා ගොවියන් නොවන බවත් ඉකුත් ජල ගැලීම්වලදී ගං වතුරේ බැස ගැවසුණු අයවලුන් බවද වෛද්‍ය සමරසේකර මහතා කියා සිටි .
මී උණ වැළඳීමෙන් මියගිය පුද්ගලයා ද ගංවතුරේ බැස සිටි අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු බවත් අනෙකුත් රෝගීන්ද වයස අවුරුදු 50 ට වැඩි පිරිමි පුද්ගලයන් බවද ඒ මහතා පවසයි .
විශේෂයෙන් මිණුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ අස්ගිරිය, කොටුගොඩ, ඕපාත, ඇතුළු ඒ අවට ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වූ බවද වෛද්‍ය දයාන් සමරසේකර මහතා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd