
(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට වාර්තා වීමත් සමග ඊයේ (8) සිට වසා දමා තිබු මිනුවන්ගොඩ පොලිසිය අද(09) පස්වරු 2.00 ට පමණ යළිත් විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිසිය හා එහි සියලු ගොඩනැගිලි, විෂබීජහරණය කර සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත පොලිසිය යළි මහජනතාව වෙනුවෙන් විවෘත කළ බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
ගම්පහ අවට පොලිස් ස්ථානවලින් සහ පොලිස් අභ්‍යාස ආයතන 6 කින් කැඳවූ 80 ක පමණ නිලධාරීන් මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරි සඳහා කැඳවා ඇත. මීට පෙර එම පොලිසියේ රාජකාරි කළ ස්ථානාධිපතිවරයා ඇතුලු 85 දෙනා නිරෝධායනය සදහා යෙමුකර ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd