IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053 ට නගී

 

(හර්ෂණ තුෂාර සිල්වා)

නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන 1,053 ක් දක්වා ඉහළ ගියේය.


අද (8) පස්වරුවේ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයකුට සහ ආශ්‍රිත පුද්ගලයන් අටදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මුල්වරට හඳුනාගත්තේ ඉකුත් (4) වැනිදා ය.

මේ වනවිට සොයාගෙන ඇති නව පොකුරට අයත් වයිරස ආසාදිත රෝගීන් අයි.ඩී.එච්, ඉරණවිල, මිනුවන්ගොඩ, ගම්පහ, මුල්ලේරියාව, තෙල්දෙණිය, හම්බන්තොට යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

මේ අතර මෙරටින් අද (8) පස්වරු 10.30 වනවිට හමු වූ මුළු වයිරස ආසාදිතයන්ගේ ගණන 4,482ක් දක්වා ඉක්ම ගොස් තිබූ අතර අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සහ තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,191ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

වයිරසය ආසාදනය වී සුවය ලබා ඇති පිරිසගේ සංඛ්‍යාව 3,274ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 289 යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (2)

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053 ට නගී

Sj Friday, 09 October 2020 12:44 AM

මෙයාලා කොරෝනත් පිටරට යවයි වගේ.

:       1       5

Nande Friday, 09 October 2020 07:12 AM

කොහොමද අපේ සර්ගේ විද්‍යාත්මක කොරෝනා මෙහෙයුම..? නුඹලාට හැරෙන්නවත් පුළුවන්ද? බැරිම වුණොත් වර්බල් සර්කියුලර් එකක් එවන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site