( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස් ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමෙරිකා තානාපති මාටින් ටී. කෙලි මහතාට දැනුම් දුන්නේය.
වැඩ බලන ඇමෙරිකා තානාපති මාටින් ටී. කෙලි මහතා විදේශ අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩබලන ඇමෙරිකා තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
කොවැක්ස් වැඩසටහන හරහා කොවිඩ් -19 මර්දන එන්නත් ලබා ගන්නා රටවලින් එකක් ශ්‍රී ලංකාව බවට එක්සත් ජනපද ජනාධිපති මෑතකදී කළ නිවේදනය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගැයුමට ලක් විය
එමගින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් සහයෝගයට විදේශ අමාත්‍යවරයා එරට රජයට සහ එක්සත් ජනපද ජනතාවට ස්තූතිය පුද කළේය. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විදේශ ඇමැති කිව්වාම, දැන් මෙන්න කියලා ඒ රටේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ක්ෂණිකව යෝජනාව ඉවත්කර ගනීවි. මේවා නිකං ලෝකය දෙපැත්තෙන්ම හිනස්සන කතා. ඒත්, මේ රටේ දේශපාලන අඳ බාලයින් හුරේ දමාවි. අන්න අපේ විදේශ ඇමැතිතුමා අමෙරිකාවටත් නියෝගයක් කරලා කියලා. චීනය රෙදි අස්සේ දාගෙන හොඳට හිටපු ඇමරිකාව අමනාප කරගත්තා. ලොව රටවල් සමඟ අමනාප නොවී, චීනාව අතේ දුරින් තියාගෙන, බුද්ධිමත් අයුරින් විදෙස් ප්‍රතිපත්තිය රැකගැනීමයි රජයක් හැටියට කළයුතු වන්නේ. ඒත්, එය කෙතෙක් දුරට සාර්ථක දැයි රජයම කල්පනාකළ යුතුයි...
ඒ මොකටද එහෙම කරන්නේ? එහේ උඩින් එන ඕඩර් වලට වැඩ කරන්න අමාරුයි නේද?