
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් එම මාධ්‍ය ඒ බව වාර්තා කර ඇත.
‘‘අපි මුලින්ම ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ඒ ඒ රටවල නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවෙද්දී, ජනාධිපතිවරයා අදාළ රටවල නායකයන්ට දෙන්නැයි එම නියෝජිතයන්ට ලිපියක් ලබාදෙනවා’’ යැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය ලබාගැනීමේ උත්සාහයක් ලෙස ජනාධිපතිවරයා එම ලිපිය යැවූ බව ද හෙතෙම සඳහන් කර ඇත.
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙන්නේ නැහැ. ඔන්න වරායවත් දීලා තිබුණා නම්..!!!
කොළඹ වරායේ අර්බුදය නිසා මේ දිනවල මෝදි ඉන්නේ හොඳ මූඩ් එකක නොවේ. මෝදි සමහර විට සහාය දීමෙන් වැළකී සිටීමට හැකියාව පවතියි. ඔහු පසුගියදා ඉන්දියාවේදී කළ කතාව විශ්ලේෂණය කළහොත් එම කතාවේ හරය ලංකාවේ හරය රජයට එතරම් වාසිදායක නැත.
මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී. මාර ගැටේකට ඉන්දියාව හිරවෙලා...
මේක රණවිරු ප්‍රශ්නයක්ම නෙවෙයි, හුඟදෙනෙක් හිතන්නේ ඒක විතරයි කියලා... මේ රජයේ වසරක කාලයක කෙරුවාවල් බොහොමයක්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන කොමිෂන් අහෝසිය, සිරකරුවන් මරාදැමීම, සිවිල් පරිපාලනයට හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීම වගේ කරුණු, මේ ප්රජාතන්ත්ර විරොධී කටයුතු වලට සහාය දෙන්න එපා...
කොහොමද අපි ලැජ්ජා නැතුව උදවු ඉල්ලන්නේ?
හා හොඳයි බලාගෙන ඉන්න.. මෙච්චර කල් එක පාරක්වත් අපිට සහාය වෙලා නැහැ.
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලෝකෙන් සල්ලි විතරක් හිඟාකන ජාතියක් කියලනේ. බලාගෙන ගියාම මානව කවුන්සිලයෙදීත් හිඟා කනවද? මාර ප්‍රෞඩ ජාතියක් තමයි අපි... සමහර විට හිඟාකෑම ජාතික උරුමයක් වෙන්න ඇති. ලෝකෙටම එකයි.
අපේ මතකයේ හැටියට අපි අල්ලපු ගෙදරට ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබා ගැනුමට ඍජුවම ඡන්දය ලබා දුන්නු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී වසර කීපයකට පෙර...