(බණ්ඩාර පී. ශාන්ත බණ්ඩාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද සවස අකුණු සැර වැදීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා පැවසීය.
මියගිය කාන්තවකගේ භූමිදාන කටයුතු අවසන් කිරීමට මොහොතකර පෙර ඒ අසල වූ පොල්ගසකට එම අකුණු පාත්වී ඇති අතර ඒ අවස්ථාවේ කැරකොප්පුවේ සිටි සියලු දෙනා තැන තැන ඇද වැටුණු බව සිද්ධිය දුටුවෝ පවසයි.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම, කුමන හේතුවකට හෝ, අනුන්ට හෙණ ඉල්ලන උදවිය මෙය සිහියේ තබා ගනිත්වා...!!!
මේක ඇත්තෙන්ම අනතුරක් පමණි.
ඔය හෙන පාත්වෙන්නෙත් අහිංසක මිනිසුන්ගේ මළගමකට විතරයි.
සොහොනට හෙන ගහනවා කිව්වාම ඒක සාමාන්‍යයෙන් මැරුණු අයට කරන අපහාසයක් හැටියටයි මිනිස්සු ගණන් ගන්නේ... මෙතන අකුණු ගහලා තියෙන්නේ පොල්ගහකට....
හෙණ ටික වැරැදිලා වෙන තැනකට වැදිලා වගේ...