(අනීෂා මානගේ)
‘ප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා. මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එදාසිටිය එක්සත් ජාතික පක්ෂයයි’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(30) බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.
“එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන අපි සහ මේ රටේ ජනතාවගේ කිසි කලබලයක් නැහැ. අද රටේ ප්‍රධාන ජනමතය තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු එක්ක කියන එක මේ රටේ ජනතාව පිළිඅරගෙන ඉවරයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයාව පරදවලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි මේ රටේ බහුතරයකගේ දැඩි විශ්වාසයක් තිබ්බා. ඒ වගේමයි ඊට එහා ගිය විශ්වාසයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කෙරෙහි තිබෙනවා. ඒ විශ්වාසය උඩ මේ පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයෙන් බෙදිලා ගිය කණ්ඩායමට අත් වෙන්නේ අන්ත පරාජයක්.
අරලියගහ මන්දිරයේ නම ඉස්සරහ ගහගෙන ගියාට ඒ අය දඟලන්නේ සිරිකොත අල්ලගන්නයි. කවුරුහරි කමක් නැහැ දෙන්නගෙන් එක්කෙනෙක් සිරිකොත අල්ලගෙන බේරෙයිනෙ. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගැටලුවක් නිසා අපි එච්චර කලබල වෙන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් පැහැදිලිව කියනවා රණසිංහ ප්‍රේමදාස මහත්තයා එල්ටීටීඊ එකට තුවක්කු දුන්නා කියලා. මෙතෙක් කල් ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍යයක පිළිගත්තේ නැහැ. ඒක යට ගැහුවා. හැබැයි අද පිළිගන්නවා එල්ටීටීඊ එකට තුවක්කු දුන්නා කියලා. එහෙමනම් ඔහු අද පිළිගන්න ඕන හමුදාවේ දහස් ගණනක් ඝාතනය වුණේ ඒ තුවක්කුවලින් කියලා. ඊට එහාට ගිය බැරූරුම් කාරණයක් ඒ ප්රකාශනයේ තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස මහත්තයා දකුණේ කළෙත් ඔය වැඩේම තමයි. දකුණේ ජනතා විමුක්ති පෙරමුණයි හමුදාවයි හප්පලා තරුණයෝ 60,000ක් ඝාතනය කරගත්තා. ඒකෙදි අපි දන්නවා එදාත් ජනතා විමුක්ති පෙරමුණ යටින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක ගණුදෙනු කළා. එතුමාගේ මැතිවරණ වේදිකාවේ ඉන්දියන් හමුදාව ආපිට හරවා යවනවා කියන පොරොන්දුව ඉෂ්ඨ කරන්න එල්ටීටීයට තුවක්කු දීලා ඉන්දියන් හමුදාවයි අපේ රණවිරුවොයි ඝාතනය කළා. ඕක තමයි ප්‍රේමදාස න්‍යාය. ප්‍රේමදාස න්‍යායයේ යතාර්ථය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ පිළිගැනීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ. මේවා ජාත්‍යන්තර අර්බුදයකට යන්න පුළුවන් ප්රකාශනයක්” යැයිද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අයියෝ..., මෙන්න මෙයා බබා පාර්ට් දානවා..!!!
රගර් ගහල ඉවර වෙලා අතපය කඩාගෙන වම්පත්තේ සීට් එකේ ඉඳන් කාර් එක එළවන් ගිහින් ඉබේම තාප්පේ හැප්පිලා මැරෙන ක්‍රමේ කියලා දුන්නේ කව්ද?
පසුගිය දශක එකහමාරක කාලයක පත්තර බැලුවොත් තේරෙයි ඔබතුමන්ලාගේ කාලයේ සංස්කෘතිය හොඳින් පාවිච්චි වෙලා තියෙනවා කියලා..
එතකොට 20% සංස්කෘතිය කාගේ හඳුන්වා දීමක්ද?
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි මේ රටේ බහුතරයකගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේමයි ඊට එහා ගිය විශ්වාසයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කෙරෙහි තිබ්බ හින්දා තමයි 2015 නුඹේ අප්පුච්චාව ගෙදර යැව්වේ. ගෙදර ඉඳන් පිනක් දහමක් කරගෙන ඉඳියි කියලා.. ඊටත් එහා ගිය විශ්වාසයක් නුඹ ගැන තියෙනවා. ඒ හින්දා තප්පුලන්න එපා. බාප්පුච්චාට වැඩේ කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්න..
මෙයා බබා, අප්පච්චිගෙන් අැහුවා නම් කියන්න කියලා ශ්‍රී ලංකාවේ අතීතය. මමත් මගේ අප්පගෙන් තමයි අහගත්තේ... මෙයාගේ කතා හොඳයි එයාලට ගැතිකං කරන අය පිනවන්න...
තාජුඩීන් මැරුණෙ කොහොමද එතකොට...?
මේ තමයි ලංකාවට වැළඳුණු මාරාන්තික පිළිකාවේ මුල්.. මිනීමැරුම් සංස්කෘතිය විතරක් නොවේ. අපේ රටේ ආගම, සංස්කෘතිය, පන්සල අමුඅමුවේ විනාශ කළා. මේ පිළිකාව මුලින් උපුටා නොදැම්මොත්, අපත්, මේ රටත් විනාශයි.
මෙයා කියන විදිහට LTTE යුද්ධ කරන්න පටන්ගෙන තියෙන්නේ දුනු, ඊතලවලින්...
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි මේ රටේ බහුතරයකගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේමයි ඊට එහා ගිය විශ්වාසයක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කෙරෙහි තියෙනවා. එජාපය හඳුන්වා දුන්නු ක්‍රමය ඔයාගේ පියා අනුගමනය කරානේ බබා.. හැබැයි ගෝඨාභය තරම් මහින්ද මේ වෙලාවේ ජනප්‍රිය නෑනේ. අනික ඉතින් 10ක් බලයේ හිටියනේ.. මුල් පහේ නම් හොඳයි.. හැබැයි ඊළඟ පහේ නටපු පිස්සු මිනිස්සුන්ට අමතක නෑනේ... අනික තව මොකද ඔච්චර බලපෙරේත කමක්... එක්කෝ චමල්ට ඉල්ලන්න කියලා පැත්තකට වෙන්න ඕනෑ.
අම්මපා... එතකොට පරපුරක් එකතු වෙලා මහා පරිමාණයෙන් හොරකම් කිරීම හඳුන්වලා දුන්නේ කව්ද? තාජුඩීන් මැරුවේ කව්ද? එක්නැලිගොඩට මොකද වුණේ? මේ අය කතා කරන්නේ කොහෙන්ද? හරියට මැරිලා ඉපදිලා වගේ...
ප්‍රේමදාසට කලින් මිනීමරු සංස්කෘතියද මොකක්ද එක තිබුණේ නැද්ද? හම්බන්තොට පැත්තේ මිනීමැරුණේම නැද්ද ඊට කලින්?
1971 රට පාලනය කළේ ප්‍රේමදාසද?
මේ පොඩි එකා මොනවා දැනගෙන කියන කතාද? ඕවට කෝපගන්න හොඳ නැහැ නොවැ. අප්පුච්චට මුදල් යහමින් තිබුණු නිසා අධ්‍යාපනෙත් කඩාකප්පල් වුණා. පොතක් පතක් කියවන්නේ නැති නිසා එහෙමට කියන්න දැනුමක් අවබෝධයකුත් නැහැ. දොඩවනවා ඇරෙන්න කවුරුවත් කියන දෙයක් අහන එකක්යැ... ඉතින් මොලේට පිටින් මක්ක කියලා වැටෙන්නද? තරහ අවසර... කෝපගන්ට එපා. එච්චර දැනුමක් අවබෝදයක් නැති කෙනා නොවැ. ඔය දෙගොල්ලන්ගේම කැරැට්ටුව රටේ මිනිස්සු දන්නවා නොවැ...
එතකොට අලිමංකඩ 2000ක් මැරුවා කියන අය එක්ක දළදා මාලිගාවට බෝම්බ තියපු අය එක්ක එකතුවෙලා ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ අයද..?
ජූලම්පිටිය අමරේ සහ දැනට හිරබත් කන ඔබගේ හිතමිත්‍ර තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අහිංසක මිනිස්සුද? ඔබ මිනීමරුවන් ආශ්‍රය කළේම නැද්ද? යන්න විකාර දොඩවන්නේ නැතිව.., ඔබ හිතන් ඉන්නේ රටේම මිනිස්සු බයියන් කියලද? ගෝඨාභය මහත්මයා දිනුවේ ඔබලා ගිය ඡන්දෙදී මාධ්‍ය හමුවේ පෙනීසිටි නැති නිසා... හම්බන්තොට පොහොට්ටු පාක්ෂිකයෝ ඔබට කතිරෙ ගැහුවට, රටේ ඉන්න පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් වැඩි දෙනෙකු ඔබගේ පවුල්වාදයට විරුද්ධයි.
ඔය කියන කාලේ එජාපයේ සක්‍රීය දේශපාලකයින් ලෙස ක්‍රියාකළ ගාමිණී ලොකුගේ, ජොනී, රඹුක්වැල්ල වැනි පුද්ගලයින් අද ඉන්නේ ඔබලා සමග.., 2007දී මහින්ද මහතා ශක්තිමත් කරන්න කියලා කරු ප්රමුඛ 17 එව්වේ රනිල් ප්රමුඛ එජාපය... , මෛත්‍රී දිනුව වෙලාවේ මුලු පවුලටම මැදමුලනටම යන්න හෙළිකොප්ටර් දුන්නේ රනිල්, ඉන්පසු දින 100ක ආණ්ඩුවක් හදලා, ඉන්පසු ජාතික ආණ්ඩුවක් හදලා ඔබලාව බේරාගත්තේ රනිල් , මෙදාපාරත් පාර්ලිමේන්තු ගියොත් රනිල්ගේ සපෝර්ට් එක ලැබෙන්නේ මහින්ද මහත්තයාට...
ගියපාර අප්පොච්චිව ගෙදර යන තැනට පාර කැපුවේ ඔහේ තමයි. මේ පාර බාප්පාව ගෙදර යවන්න වගේ හදන්නේ..
සජී වගේමයි නාමලුත්...
පසුගිය ඡන්දෙට කොඩි අරගෙන රටඉඳන් පැමිණි සෙට් එක පිටරට අනාථ කඳවුරු වල, මහපාරේ දුක්විඳිනවා. ලංකාවේ ඉන්න අයගේ නෑදෑයෝ ඔබතුමාගේ බාප්පා ඒ අයට රටට එන්න දෙන්නේ නැති නිසා, ඔබගේ මිත්තණිය මතක් කරනවා දවසට දෙතුන් වරක්... ගියවර ඡන්දෙට පෙන්නපු MCC එක සමාලෝචනය කරන කොට බයියන් ටික කුලප්පු වෙලා. මේ කරදර අස්සේ ඔබත් ඝාතන සංස්කෘති ගැන කියවන්න ගියාම මිනිස්සුන්ට මතක් වෙන්නේ තාජුඩීන්..., තංගල්ලේ සභාපති, ජූලම්පිටියේ අමරෙව...
සහතික ඇත්ත පටන් ගත්තේ 1977 නැගල ගියේ 1989. ඔලු කටුවල තියලා කොල්ලෝ කෙල්ලෝ ටයර් සෑය ගියා. ඒ කාලේ වදකාගාර ගැනත් කියවූනා.