
මේවනවිට වෙළදපොල තුළ පහත වැටී ඇති වී මිල ඉහළ නංවා තම වී අස්වනු නිසි මිලකට අළෙවි කිරීම සඳහා මැදිහත්වන ලෙසට හා වෙළදපොල තුල ඉහළ නැග ඇති පොහොර මිල පහත හෙළා ගොවිතැන් කටයුතු සඳහා අත්‍යවශ්‍ය පොහොර සහන මිලට ලබා දීමට රජය වහා මැදිහත් වන ලෙසද ගොවීහු බල කර සිටියහ.
මින්නේරිය ගොවි ජන ව්‍යාපාරයට අයත් මින්නේරිය ඒකාබද්ධ ගොවි ව්‍යාපාරය විසින් මෙම ගොවි උද්ගෝෂණය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක් නියෝජනය කරමින් ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

(සරත් නිශ්ශංක වෙලගෙදර, චාපා මධුභාෂිණි, හෙන්රි ලයනල් සහ සුනිමල් හේවගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙක්ටයාර් එකක සමස්ත වියදම රු. 300,000 – 350,000යි. සාමාන්‍ය අස්වැන්න 4.2 MT. එතකොට වියදම කිලෝවකට රු. 71 – 82 අතර. මහවැලි ව්‍යාපෘතිවල මේක රු. 60 විතර . රු. 140ක් දුන්නහම හරිද? රු. 140ට ගත්තොත් හාල් රු. 260ක්වත් වෙයි. මාස පහකට 75% – 100% ලාභයක් සාධාරණද? 50% ගත්තොත් මදිද? 2023 පොහොර මිටිය රු. 25,000යි, ට්‍රැක්ටර් කුලිය රු. 30,000යි, වී මිල රු. 60 – 65යි.