(සුජිත් හේවාජුලිගේ)

අඩු වියදමින් විදුලිය ජනනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මන්නාරම මෙගාවොට් 50 සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) කොළඹ වරායට රැගෙන ආ බව වාර්තා වේ.

මන්නාරම ප්‍රදේශයේ පවතින ප්‍රබල සුළං ධාරිතාව උපරිම ලෙස උපයෝගී කරගනිමින් ජාතික විදුලි පද්ධතියට අඩු පිරිවැයකින් විදුලිය එක් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

විදුලි ඒකකයක නිෂ්පාදන වියදම අවම කිරීම, ඉන්ධන ආනයන වියදම අඩු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා මෙවැනි සුළං බලශක්ති ව්‍යාපෘති විශාල දායකත්වයක්  දෙනු ඇත.