( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පේසාලෙයි ජූඩ් වීදිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂමව සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි.
පේසාලෙයි පොලිස් නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (14) රාත්‍රී පේසාලෙයි ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කොට ඇති අතර එහිදී නිවසේ සඟවා තිබූ අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබූ අතර නිවසේ සිටි 30 හැවිරිදි පුද්ගලයෙකුද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් විකිණීම සඳහා සූදානම් කොට තිබූ බවටද පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.
සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා අද මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පේසාලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd