
(මනෝජ් හර්ෂික)
කොළඹ කොටුව සිට මන්නාරම බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ සෙනරගත්ගම දුම්රිය ස්ථානය අසළ දී ඊයේ (16) රාත්‍රී 11.30ට පමණ පිලී පැනීමකට ලක්ව ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.
අනතුරින් දුම්රියේ ගමන්ගත් මගීන්ට හෝ දුම්රිය කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් වෙනත් දුම්රියක් මාර්ගයෙන් එම දුම්රියෙහි මැදිරි ගල්ගමුව දුම්රිය ස්ථානය වෙත ගෙන ආ බවත් දුම්රිය බලධරයෝ සඳහන් කරති.
අනතුරට ලක් වූ ස්ථානයේ දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට පත්කර දුම්රිය ගමනාගමන කටයුතු කඩිනමින් සලසන බව දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර නැතිව ඇඳපු අමුඩෙ වගේ...
මේ වැඩේ හරියට කරන්න බැරිනම් ඉවත්වනු. පුළුවන් පුද්ගලික සමාගමකට බාරදෙනු.