
(ප්‍රදීප් කුමාර)
මන්නාරම නනට්ටන් ප්‍රධාන මාර්ගයේ නරුවිකුලම් ප්‍රදෙශයෙදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 04 ක පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුරුන්ගන් පොලිසිය සදහන් කරයි.
එහිදී එකම පවුලේ තිදෙනකුද බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව බරපතල තුවාල ලැබූ තිදෙනා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ.
මව,පියා, දියණිය හා පුතා යතුරු පැදියකින් නනට්ටන් දෙසට ගමන් කරමින් සිටියදී මන්නාරම දෙසට ගමන් ගත් කුඩා ලොරි රථයක ගැටී මෙම අනතුර දිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේත් ඊයේ තරුණ පුතෙක් මැරුණා අම්ම තාත්තා නංගි බරපතල තුවාලයි. අද උතුරේත් පුතෙක් මැරුණා අම්ම තාත්තා නංගි රෝහලේ! ඔන්න රටකට ගිය කල. මිනිස්සුන්ට ගමනක් ආරක්ෂිතව යන්න වාහනයක් නැහැ, මිල අඩුම වාහනෙත් ත්‍රීවීල් එක ලක්ෂ 20යි. කාටද මේ මිල ගෙවන්න පුළුවන්? මොටසයිකල් පදින සහෝදර සහෝදරියනට මම කියන්නේ බස් එකේ තෙරපි තෙරපි හරි පලයල්ලා කියල, මොකද අපි මැරුණට ආණ්ඩුවට ඇති දුකක් වේදනාවක් නැහැ.